දේශගුණ විපර්යාස පිළිබඳව  සමුළුව  සුන්වූ බලාපොරොත්තුවකි

දේශගුණ විපර්යාස පිළිබඳව සමුළුව සුන්වූ බලාපොරොත්තුවකි

රනිල් වික්‍රමසිංහ ඇතුළු රාජ්‍ය නායකයින් තම මෙගා පරිවාර සමඟ ඩුබායි වලට එක්ව කල COP28 දේශගුණ සමුළුව තුළ කතිකා වලින් අනතුරුව දේශගුණික විපර්යාසවල විනාශකාරී බලපෑම්වලින් ගොඩ ඒමට රටවල්වලට උපකාර කිරීම සඳහා දේශගුණික විපත් “අලාභ හා හානි අරමුදලක්” ආරම්භ කිරීම සහ ෆොසිල ඉන්ධන වලින් ඉවතට සංක්‍රමණයවීමට ” ලෝකයේ සෑම රටක්ම පාහේ එකඟ වීම සුබදායකය.

එහෙත් සියල්ල හමාර වූ යේ නිශ්චිත ඉලක්ක නොමැතිවයි . ෆොසිල ඉන්ධන ක්‍රමානුකූලව ඉවත් කිරීමේ එකඟතාවය තිබියදීත්, ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම සඳහා නිශ්චිත ඉලක්ක හෝ කාලසීමාවන් නියම නොක්ර් ගෙනම සභා තමෝ සතුටින් විසිර ගියාය.

මේ විසිර යෑම පිළිබඳව විජයානන්ද ජයවීර තැබූ සටහනක් මේ :

විය හැකි ලෙස ම දේශගුණ විපර්යාසය පිළිබඳ ලෝක සමුළුව බලාපොරොත්තු සුන්කරවන සුලු සමුලුවක් වන බව නිව්යෝක් ටයිම්ස් වාර්තාකරයි . මානව සංහතියේ හා විශේෂයෙන්ම අපේ දරුවන් සහ ඔවුන්ගේ දරුවන්ගේ පැවැත්ම පිළිබඳ මේ සා තීරණාත්මක විය හැකි අර්බුදයකට සතුටුදායක විසඳුම්- ඛනිජ ඉන්ධන අලවියට මුල්තැන දෙමින් පුනර්ජනනීය බලශක්තියට ඔරවන කොමිස් කාක්කන්ගේ බලපෑමට නතුවන රාජ්‍ය නියෝජිතයන් අතින් ලැබෙතැයි සිතිය නොහැක. අවසානයේ දී රාජ්‍යන් වගවීමෙන් බැඳතබන ගිවිසුමක් වෙනුවට ඔවුන් කළේ සියලු රටවල් ඛනිජ ඉන්ධන භාවිතයෙන් අනුක්‍රමයෙන් ඉවත් විය යුතු බවට හුදු ප්‍රකාශයක් නිකුත් කිරීමයි. එහෙත් විද්‍යාඥයින් ඉල්ලා සිටියේ මේ දශකය තුළදී භාවිතයෙන් ඛණිජ ඉන්ධන ඉවත් කිරීමේ නිශ්චිත ඉලක්ක ගිවිස ගන්නා ලෙසයි.

Related Articles