ධම්මික යළි කැබිනට් මණ්ඩලයට?

ධම්මික යළි කැබිනට් මණ්ඩලයට?

දේශපාලනයේ සදාකාලික සතුරන් මෙන්ම මිතුරන් ද නැත යන කියමනට වඩා එහාට යන කිමනක් නිර්මාණය වෙමින් පවතී. ඒ දේශපාලනය තුල සිදුවිය හැක්කක් නොමැත යන්නයි.

ඉල්ලා අස්වූ ධම්මික පෙරේරා යළිත් රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට එක්වීමට යන බවට රාවයක් පැතිරෙමින් පවතී .මෙය තවත් බැසිල් රාජපක්ෂ මෙහෙයුමක් විය. රනිල් වික්‍රමසිංහ අගම්තිව සිටියදී ඔහුගේ ක්‍රියාකලාපය විවේචනයට ධම්මික පෙරේරා නිර්භය වුයේ බැසිල් රාජපක්ෂ ලබාදුන් හයිය නිසා විය හැකිය . දැන් යළිත් ආණ්ඩුකරණය තුල පොහොට්ටුවේ බලය පවත්වාගෙන යෑම සඳහා විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙම්න් පවතී.

වික්‍රමසිංහ මහතා වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කළේය.

නිසි පාර්ලිමේන්තු බලයක් නැති රනිල් වික්‍රමසිංහ වෙත විවිධ පීඩනයන් එල්ල කොට ඔහු අවනත කරගත හැකි වෙතැයි පොහොට්ටුව සිතන්නේ නම් එය වරදක් විය හැකිය. මන්දයත් ඔවුන්ට මැතිවරණයකට විකල්පයක් නොවන අතර මේ මොහොතේ රනිල් ගෙන් ලැබියහැකි සරන හැර අන් සරණක්ද නැත.

Related Articles