ගෝඨාභය ගමන දුෂ්කරයි….

ගෝඨාභය ගමන දුෂ්කරයි….

හිටපු ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂට එහා මෙහා යාම පහසු කටයුත්තක් නොවන බව පසුගිය සතියේදී යළිත් සනාථ විය. සිංගප්පූරුවට පලාගොස් සති දෙකක් ඉක්ම ගොස් තිබියදීත්, ආරක්‍ෂිතව ජීවත්වීමට සරණාගතභාවය ලබාදිය හැකි රටක් සෙවීමට සම්බන්ධයෙන් තවමත් ඇත්තේ දැඩි අරගලයකි.

සිංගප්පූරු රජය ඔහුට සති දෙකක සංචාර වීසා බලපත්‍රයක් ලබා දී ඔහුගේම ඉල්ලීම මත තවත් සති දෙකකට වීසා අලුත් කළත් ඉන් අනතුරුව ඉදිරිපත් වූ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට යුහුසුළු විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝ සෞදි අරාබියේ සරණාගතභාවය ලබා ගැනීමේ උත්සාහයන් නිෂ්ඵල වීමත් සමඟ කඩිමුඩියේ බොහෝ සිදු කළත් ප්‍රතිපල හීන විය.

ඔහු සමඟ බිරිද අයෝමා, ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරීන් වන බ්‍රිගේඩියර්වරුන් දෙදෙනෙකු සහ හිටපු ජනාධිපති ආර්යාවට අනුයුක්ත කර ඇති තවත් ආරක්ෂකයින් දෙදෙනෙකුද විය.

ඔහු ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ සිටින ඔහුගේ සමීප පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධකම් පැවැත්වූයේය. ආරක්ෂාව සපයනු ඇතැයි ඔහුට හැඟෙන රටක සරණාගතභාවය සොයා ගන්නා තෙක්, ඔහු කෙටි සංචාරයක් සඳහා තායිලන්තය තෝරා ගත්තේය. ඒ වන විට ඔහු විසින් ආරම්භ කරන ලද අනෙකුත් ක්‍රියාමාර්ග ඵල දරනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. පවුලේ සාමාජිකයන් සහ සමීප මිතුරන් එක් වැදගත් කරුණක් හෙළි කිරීම හැර ඒවා මොනවාදැයි සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළහ – ඔහු තම පුද්ගලික ආරක්ෂාව ගැන බෙහෙවින් සැලකිලිමත් වූ අතර ඔහුගේ සියලු චලනයන් දැඩි ලෙස සීමා කර තිබු බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

තායිලන්ත සංචාරයට මග එළිපෙහෙළි කිරීමේ කාර්යය පැවරීම ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාරට පැවරිණි. ඔහු හිටපු ජනාධිපති රාජපක්ෂට සේවය කරන විට, දිනපොත කළමනාකරණය කිරීම ඔහුගේ වගකීම විය. බණ්ඩාර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක සමඟ සම්බන්ධ වී වීසා බලපත්‍ර විධිමත් කිරීම සඳහා රජයේ සහය ඉල්ලා සිටියේය. හිටපු ජනාධිපතිවරයා සහ ආර්යාව තවමත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර දරති. පුද්ගල ආරක්ෂණ කණ්ඩායමේ සිව්දෙනාට නිල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කර ඇත. මේ අනුව, ඔවුන් හය දෙනාට බැංකොක් වෙත පැමිණීමේදී වීසා බලපත්‍ර හිමි විය.

ජනාධිපති ලේකම් ඒකනායක මහතාගේ පළමු කාර්යය වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමයි. ගෝඨාභය රාජපක්ෂ මහතා නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීම නුසුදුසු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මීට දින කිහිපයකට පෙරය. හිටපු ජනාධිපතිවරයාගේ බුද්ධි යාන්ත්‍රණ තවමත් පාහේ නොවෙනස්ව පවතින අතර ඔහු ඉතා ඉහළ පෙළේ ඉලක්කයක් බවට බිය පළ කර තිබේ. එබැවින් ඕනෑම අවදානම් තත්ත්වයකට ඔහුව නිරාවරණය කිරීම නුසුදුසු විය. ඒ, මිරිහානේ පිහිටි සිය පෞද්ගලික නිවස වෙත නැවත පැමිණ ආරක්ෂක අංශවල ආරක්ෂාව යටතේ ජීවත්වීමට ඔහු කැමැත්තෙන් සිටි.
නමුත් හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීමෙන් ආර්ථික පුනර්ජීවනය සඳහා වර්තමාන ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග අඩාල විය හැකිය යන විශ්වාසය මත රනිල් වික්‍රමසිංහ කටයුතු කරන හෙයින් ඒ ගමනද දුෂ්කරවී ඇත.

Related Articles