සර්ව පාක්ෂික  ආණ්ඩු කථා වැට උඩ….

සර්ව පාක්ෂික ආණ්ඩු කථා වැට උඩ….

අලුත් ආණ්ඩුවේ ඇමතිකම් ලබාදෙන්නේ කාටද යන කරණය උඩ සර්ව පාක්ෂික ආණ්ඩු කථා ඇනහිටින තත්වයක් ඇතිව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව ජනාධිපතිවරයාට කරන් දෙයක් ඉක්මනින් කරන ලෙසයි ඉල්ලා ඇත්තේ.තමන් මස් රාත්තලම ඉල්ලන්නේ නැති වුනත් දිස්ත්‍රික් නායකත්වයට වගකීම් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලේකම් සාගර කාරියවසම් පවසයි

ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු හිටපු අමාත්‍යවරුන් පිරිසකට නැවතත් කැබිනට් අමාත්‍ය තනතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව දැනගන්ට ඇත

පවිත්‍රා වන්නිආරච්චි, එස්. බී. දිසානායක සහ එස්. එම්. චන්ද්‍රසේන යන හිටපු අමාත්‍යවරුන් ද සර්ව පාක්ෂික ආණ්ඩුව තුල ඇමතිකම් බලාපොරොත්තු වෙන් සිටින බව දැනගන්ට ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක අතකට මෙම යෝජනා වලට අදිමදි කරනවා විය හැකිය . ජොන්ස්ටන්, නාමල්, මහින්දානන්ද සහ රෝහිත වැනි අයට කැබිනට් අමාත්‍ය ධුර ලබාදීම නැවත දැඩි විරෝධයට හේතුවක් වියහැකි බව ජනාධිපතිවරයට සමීප දේශපාලඥයින් විසින් පෙන්වා දී ඇත .

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පැවසුවේ රනිල් වික්‍රමසිංහ දෙලොවක් අතර ජීවත්වෙන බවයි .පොහොට්ටුවේ බලය මත පදනම්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගෙනියාම යන ලෝක දෙක අතර ජනාධිපතිවරයා මැදිහත්ව සිටින බව වාසුදේව නානායක්කාර පෙන්වාදෙයි. කව්රු මොනවා කීවත් සර්ව පාක්ෂික යැයි කිවහැකි ආණ්ඩුවක් පිහිටවීම රනිල් වික්‍රමසිංහගේ අභිප්‍රාය විය හැකිය . ජාත්‍යන්තරය ඇතුළු අනෙක් පිරිස් වල පිළිගැනීමට අනුව එය සර්ව පාක්ෂික ආණ්ඩුවක්ද නැද්ද යන්න පිළිබඳව ලැබෙන පිළිගැනීම වෙනමම කරුණකි.

Related Articles