රනිල්  ගේ ගිනිබත් වූ නිවස අවට CCTV හොයන මෙහෙයුමක්…..

රනිල් ගේ ගිනිබත් වූ නිවස අවට CCTV හොයන මෙහෙයුමක්…..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට පසුගිය ජුලි 09 වැනිදා පිරිසක් විසින් ගිනි තැබීමෙන් පසු ඊට සිදු වූ අලාභ හානි රුපියල් කෝටි 100කට අධික බව රහස් පොලිසිය බදාදා කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැනුම් දුදී ඇත.

මේ අතර වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස එම අවස්ථාවේදී භාවිත කළ වෙඩි නොවදින නිල රථයකට රුපියල් කෝටි 100ක අලාභ හානි සිදුව තිබේ.

රහස් පොලිසිය පැවසුවේ සැකකරුවන් පස් දෙනෙකුගේ ඇඟිලි සලකුණු වික්‍රමසිංහ මහතාගේ නිවස තුළ තිබී සොයාගත් ඇඟිලි සලකුණුවලට ගැළපෙන බවයි. ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සැකකරුවන්ගේ ජංගම දුරකථන පරීක්‍ෂා කළ අතර එහිදී නිවසට ගිනි තැබීම පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය වන දර්ශන සහ හඬපට ද සොයාගත් බව රහස් පොලිසිය පවසයි.

සැකකරුවන් පස්දෙනා අගෝස්තු 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. වික‍්‍රමසිංහගේ නිවස ආසන්නයේ පිහිටි ව්‍යාපාරික ස්ථාන දෙකක සහ නිවාස හතක සීසීටීවී දර්ශන විමර්ශන නිලධාරීන්ට භාර දෙන ලෙස ද ඔහු නියෝග කළේය. ජුලි 09 වැනිදා රාත්‍රියේ රාජ්‍ය විරෝධීන් පිරිසක් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඇතුළු වී ගිනිතැබීමේදී සිදුවූයේ කුමක්දැයි සීසීටීවී දර්ශන ආශ්‍රිතව වඩාත් හොඳින් අවබෝධ කරගත හැකි බව රහස් පොලිසිය අධිකරණයට පවසා තිබේ. ඊට පෙර දින උදෑසන විරෝධතාකරුවන් අරලියගහ මන්දිරය, ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන තිබුණි.

Related Articles