රන්ජන්  ගේ සමාව  මාසෙකට වඩා  කල් යයිද ?

රන්ජන් ගේ සමාව මාසෙකට වඩා කල් යයිද ?

මේ දිනවල පවතින උසාවි නිවාඩුව හේතුවෙන් රන්ජන් රාමනායක මහතාට නිදහස ලැබීම මාසයකින් පමණ ප්‍රමාද විය හැකි බව ඔහුගේ නීතිඥයින් පවසති.

සමාව දෙන්නැයි ඉල්ලා ජනාධිපතිවරයාට යවන ලිපියට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා අත්සන් කර තිබේ.

උසාවියට අපහාස නොවන පරිද්දෙන් රාමනායකට මහතාට නිදහස ලබාදිය යුතු බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි. මේ පිලිබඳව තමන් නීතිපතිවරයා ගේ උපදෙස් ඉල්ලා ඇති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පවසයි.

ඒඅනුව කවර කොන්දේසි මත නිදහස ලැබේදැයි කිව නොහැක.

රන්ජන් රාමනායක මහතාගේ නිදහස ඉල්ලා සිටීමේ ලිපි ලේඛන සකස් කොට ඇත්තේ ජනාධිපති නීතීඥය ෆයිස් මුස්තාපා ඇතුළු කණ්ඩායමක්.

රන්ජන් රාමනායක එම ලිපියට අත්සන් තැබූ බව ඔහුගේ නීතිඥයෙකු වන නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා පැවසුවේ ඉතා ඉක්මනින් මේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කරන බවයි.

රන්ජන් රාමනායක මහතා මේ වන විට දේශපාලනික වශයෙන් ඉතා වැදගත් චරිතයක් බවට පත්ව සිටින හෙයින් ඔහුට නිදහස ලබා දීමේදී ඔහුගේ ඉදිරි දේශපාලන ක්‍රියාකාරීත්වයද සැලකිල්ලට ගැනීමට ඉඩ තිබේ.

Related Articles