දඬු ලේනා ට වැඩ වරදින්නයි  යන්නෙ….

දඬු ලේනා ට වැඩ වරදින්නයි යන්නෙ….

දැනට ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා ලෙස නම් කොට සිටිනා දඬුලේනා වෙනුවට දිවියා හෝ වෙනත් සතෙක් නම් කළ හැකිදැයි හොයා බලන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ. දඬුලේනා ගෙන් සිදුවන වගා හානි විශාල බැවින් සුදුසු පියවර ගැනීමට නම් දඬු ලේනා ජාතික සත්ව නාම නම් කිරීම අහෝසි කල යුතු යැයි යෝජනා ඉදිරිපත්වී ඇත.

මහින්ද අමරවීර පවසන්නේ මේ වන විට මොණරා සහ ඌරා ආදී සතුන් මේ වනවිට වගාවට හානිකර සතුන් ලෙස නම් කොට ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා වන දඬුලේනා ගේ විද්‍යාත්මක නාමය Ratufa Madeira වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් Giant Squirrel ලෙස හැඳින්වේ. දඬුලේන් විශේෂය ශ්‍රී ලංකාවේ මධ්‍යම හා ඌව ප්‍රදේශවල දැක ගත හැකිය.සෙන්ටි මීටර් විසිපහක් පමණ දිගින් යුත් දඬු ලේනා ට දිගු වලිගයක්, රවුම් වූ කෙටි කන් හා පළල් වූ අත් ඇත. දුඹුරු රතු අළු හා කළු වර්ණ ශරීරයේ දැක ගත හැක. මෙම සත්ත්වයා වඩාත් ක්‍රියාකාරී වන්නේ උදය කාලයේ හා සන්ධ්‍යාවේ මුල් භාගයේදී ය .එක් ගසක සිටමීටර් හයක් දුරින් පිහිටි ගසකට පවා පැනීමට හැකි ය. දඬු ලේනා වඳවීමේ තර්ජනයට මුහුණ දෙමින් සිටින සත්වයෙකි.

ශ්‍රී ලංකාවට ආවේණික සතෙක් නොවන දඬුලේනා ජාතික සත්වයා ලෙස නම් කළේ කවුරුන්ද යන්න පිළිබඳව මේ වන තෙක් අනාවරණය වී නැති අතර එම අනාවරණය කරගැනීමෙන් අනතුරුව අලුත් ජාතික සත්වයා පිළිබඳව හිතා බලන බවයි මහින්ද අමරවීර පවසන්නේ.

Related Articles