අසාදු ලේඛණ ගතකර තිබූ සංවිධාන ඉවත්  කරන්නේ  ඇයි ?

අසාදු ලේඛණ ගතකර තිබූ සංවිධාන ඉවත් කරන්නේ ඇයි ?

ජිනීවා මානව හිමිකම් සැසිය ආරම්භ වීමට පෙර අසාදු ලේඛණ ගතකර තිබූ සංවිධාන හයක් සහ පුද්ගලයින් 316ක් අසාදු ලේඛණයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇත

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුතිය යටතේ අසාදු ලේඛණ ගතකර තිබූ සංවිධාන හයක් සහ පුද්ගලයින් 316ක් අසාදු ලේඛණයෙන් ඉවත් කිරීමට හේතුවූ කරුණු මොනවාදැයි ජාතික නිදහස් පෙරමුණ ලේකම් මොහොම්මද් මුසම්මිල් මහතා ප්‍රශ්න කරයි .

ආරක්ෂක අමාත්‍යංශය තීරණය අනුව එසේ අසාදු ලේඛණයෙන් ඉවත් කළ සංවිධාන වනුයේ ඕස්ටේ්‍රලියානු දෙමළ කොංග්‍රසය,ගෝලීය දෙමළ සංසදය,ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව,ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය,කැනේඩියානු දමිළ කොංග්‍රසය සහ බ්‍රිතාන්‍ය දමිළ සංසදය යන සංවිධාන හයය.

මේ අතර නව සංවිධාන තුනක් සහ පුද්ගලයින් 55ක් අසාදු ලේඛණයට එක්කර තිබේ.එසේ අසාදුගතකර ඇති සංවිධාන තුන වනුයේ දාරූල් අදර් හෙවත් ජමිූල් අදර් මොස්ක් හෙවත් ධරූල් අදර් කුරාන් මද්‍රසා හෙවත් දාරූල් අදර් සංවිධානය,ශ්‍රී ලංකා ඉස්ලාමීය ශෂ්‍ය සංගමය සහ සේව් ද පර්ල්ස් හෙවත් සේව් ද පර්ල් සමාජයයි.

දෙමළ ඩයස්පෝරාව සමඟ කථා කිරීමට තමන් කැමැත්තෙන් සිටින බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට පෙර ප්‍රකශ කොට ඇත. ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව මේ වනවිට එක්සත් රාජධානිය ,කැනඩාව,ඩෙන්මාර්කය සහ නොර්වේ යන රටවල මැතිවරණ වලදී තීරණාත්මක බලපෑමක් කරන ජන කොටසක් බවට පත්ව තිබේ

ඔවුන්ගේ දෙවෙනි පරම්පරාවේ බොහෝ දෙනා අතුරින් ඉතා සාර්ථක ව්‍යාපාරිකයින් , දේශපාලඥයින් , සහ වුර්තිකයින් බිහිව සිටිති.

Canada ~157,000
United Kingdom ~120,000
India ~100,000
Germany ~60,000
France ~50,000
Switzerland ~35,000
Singapore ~30,000
United States ~25,000
Malaysia ~24,436
Norway ~10,000

Related Articles