නන්දලාල්ගේ  ස්වාධීනත්වය ගැන  ප්‍රවේශමෙන්

නන්දලාල්ගේ ස්වාධීනත්වය ගැන ප්‍රවේශමෙන්

ශ්‍රී ලංකා මහා බැංකුවේ හොඳම කෙරිල්ල කරේ අජිත් නිවාඩ් කබ්රාල්ය. මහින්ද චින්තනය අනුව මහ බැංකුව මෙහයවිය යුතු බව ඔහු එළිපිටම කියා සිටියේය.

අජිත් නිවාඩ් කබ්රාල්

අර්ජුන් මහේන්ද්‍රන්ද මහ බැංකුවට හොඳටම කල අයෙකි . බෑනා වූ අර්ජුන් ඇලෝසියස් හට බැඳුම්කර පිළිබඳව වූ තොරතුරු හෝල් සේල් ආකාරයට ලබා දීමේදී කටයුතු කලේ කෙසේදැයි පැහැදිළි කළ නොහැකිව ඔහු සිංග්ගප්පුරු මුවාවේ සිටි.

ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහචාර්යවරයා කොතෙක් ස්වාධීනව වැඩ කළාද යැයි කිවහොත් වැඩේ කෙළවර කරගත්තේ ආර්ථික අව කළමනාකරණය පිළිබඳව උසාවි තීන්දුවකින්ය.

ස්වාධීන මහ බැංකුවක් පිළිබඳව පෙරමුණේ රාළ
ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ ස්වාධීන මහ බැංකුවක් වෙනුවෙන් කථා කළ ආචර්ය නන්දලාල් වීරසිංහ කියා සිටියේ මහ බැංකුව හොඳට කිරීමට නම් එය නීතියෙන්ම ස්වාධීන කරගත යුතු බවයි . ඔහුගේ ස්වාධීන පඩි වැඩිකර ගැනීම පිළිබඳව කතා කරන

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පි සමරසිරි පවසන්නේ ස්වාධීන මහ බැංකුවක් පිළිබඳව පෙරමුණේ රාළ කෙනෙක්වූ නන්දලාල් වීරසිංහ ගේ පඩි වැඩි කිරිල්ල ඇදහිය නොහැකි ක්‍රියාවක් බවයි.

අර්ජුන් මහේන්ද්‍රන්

 

සමරසිරි ගේ වචන වලින්ම පවසතොත් මේ පඩි වැඩිකර ගැනීම ‘මහ බැංකුව වැනි අති ආර්ථික විද්වත් බවට සැලකෙන රාජ්‍ය ආයතනයකින් අපේක්ෂා කළ නොහැකි ප්‍රතිචාරයකි‘.

පාර්ලිමේන්තු පනතකින් ලබා දුන් ස්වාධීනත්වය භාවිත කරමින් අභිමතය පරිදි ගන්නා ලද නෛතික ප්‍රතිපත්තියක් ලෙස පඩි වැඩිකර ගැනීම සිදුකළ බවට නන්දලාල් වීරසිංහ කල ප්‍රකාශය තුළ භයානක ප්‍රවණතාවක් ගැබ්ව ඇත .

තමන්ට රිසිලෙස ජාත්‍යන්තර මුල්‍ය පාලකයින් පිනවීම සඳහා අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ කප්පාදුවකට නන්දලාල් ඇතුළු නඩය ක්‍රියා කළහොත් රටේ දැවැන්ත අසහනයක් ගොඩ නැගීමට ඉඩ ඇත.

ඉහළ වැටුප් වර්ධකයේ අධිකත්වය සදාචාර විරෝධී බවයි හර්ෂ ද සිල්වා ඇතුළු පිරිස් පෙන්වා දුන්හ . මෙය සදාචාරය ඉක්මවා යන විශ්වාශය කඩ කිරීමකි .

ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්

මීට‍ වසරකට පමණ පෙර කොළඹ මාධ්‍ය වේදීන් ගේ සමුළුවට පැමිණි ආචර්ය නන්දලාල් වීරසිංහ ගෙන් මාධ්‍ය වේදියෙක් විමසා සිටියේ විදේශයන් හි සිට මෙරටට මුදල් එවන වෘත්තීයවේදීන් ගෙන් අධික බදු අය කිරීම සාධාරණද යන්නයි .

පිළිතුරු දුන් ආචර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ ‘හොඳ වෘත්තීය වේදියා යනු රටක් අමාරුවට පත් වූ විට කැපවීම් කරන පිරිසක් බවයි”

එහෙව් ටෝක්ස් දුන් ආචර්ය නන්දලාල් වීරසිංහ තමන්ගේ නඩයට ලොකු හැන්දෙන් ලොකු පංගුවක් බෙදා ගනිමින් රටේ ජනතාවට මතක් කර දුන්නේ සුදු කරපටි කාරයින් ගේ වැඩ කිඩ ගැන ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවයි .මහ බැංකුව අවකළමනාකරණය කළ පුර්වගාමී කබ්රාල් ,මහේන්ද්‍රන් සහ ලක්ෂ්මන් වැන්නවුන් ගිය මග යෑමේ ඉඩක් නන්දලාල් වෙතින් ද දැකිය හැකිය.

 

ආචර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු මුල්‍ය මණ්ඩල නඩය පඩි වැඩිකර ගැනිල්ලේ සදාචාර විරෝධීබවට අමතරව රටේ ජනතාව මේ ලොකු හැන්දෙන් බෙදා ගැනීම කෙසේ දකීවිද කියා තඹේකට මායිම් කොට නැත.

 

ආර්ථිකයේ උද්ධමන පිඩනය,වැ ටුප් වර්ධකය ව්‍යවස්ථා විරෝධී වීමට ඇති ඉඩකඩ . මහ බැංකු මුදල් ද රාජ්‍ය මුදල්වීම, මහජන විශ්වාසය පළුදුවීම නිසා ආයතනයේ ස්වාධීනත්වය අභියෝගයට ලක්වීම වැනි කරුණු නොතකා ක්‍රියාත්මක වූ ආචාර්ය නන්දලාල් ඇතුළු පිරිසට ස්වාධීන මහ බැංකුවක් පවත්වාගෙන යා හැකි යැයි කල්පනා කිරීම හුදු මිථ්‍යා වක් පමණක් නොවේ භයානක මිථ්‍යාවකි . එහි අනෙක් අන්තය නම් කබ්රාල් , ලක්ෂ්මන් සහ මහේන්ද්‍රන් කළ ආකාරයට මහ බැංකුව සම්පුර්ණයෙන්ම දුෂිත දේශපාලනයේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් වීම  අනිත් අන්තයයි .

දැනට පවතින තත්වය නම් : වැටත් නියරත් ගොයම් කයි නම් කාට පවසම් ඒ අමාරුව

 

 

Related Articles