නිමල් සිරිපාල උද්ඝෝෂකයින් අතරට ගිය ගමන පෙරනිමිත්තක්ද?

නිමල් සිරිපාල උද්ඝෝෂකයින් අතරට ගිය ගමන පෙරනිමිත්තක්ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් වෙන්වී තමන්ගේ ගමනක නිරතවිය විය යුතු බව පක්ෂයේ ඇතැමුන් කියා සිටියත් පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන නිතර කියා සිටින්නේ වෙන්වීමට හදිසියක් නොමැති බවයි.

එහෙත් දේශපාලනයෙන් අ යන්න ආ යන්න පමණක් දන්නා අය ඇතුළුව බොහෝ දෙනා කියා සිටින්නේ මෙම වෙන්වීම කාලය පිලිබඳ ගැටළුවක් පමණක් වන බවයි.

සේවක අර්ථසාධක අරමුදල (ඊ.පී.එෆ්) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ඊ.ටී.එෆ්) මගින් අයකිරීමට යෝජිත සියයට 25 අධිභාර බද්ද වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් සමාගම් සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණ කරුවන් අතර කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද පැමිණීම මෙම වෙන් වීම නුදුරු කාලයේදීම සිදුවීම පිළිබඳ පෙරනිමිත්තක්ද යන ගැටලුව බොහෝ දෙනා තුළ මතු වී තිබේ.

Related Articles