මහින්දගේ අනුරපුර අභියෝගයට විපක්ෂයේ කලබල

මහින්දගේ අනුරපුර අභියෝගයට විපක්ෂයේ කලබල

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළියේදී අගමැති මහින්ද රාජපක්ෂ කළ කතාව විපක්ෂයේ දැඩි අවධානයට ලක් වී තිබේ. සමස්තයක් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ කියා සිටියේ තමන්ගේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවයි.

මැතිවරණයකට මුහුණ දීමට තමන්ට හැකියාවක් ඇති බවත් මහ පාර හොදින් හුරු පුරුදු බිමක් බවත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ පාද යාත්‍රාව ද මතක් කරමින්. ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය හා එක්ව බිම් මට්ටමේ යම්කිසි රැල්ලක් ඇතිකරමින් යන අතරවාරයේ සමගි ජන බලවේගය සජිත් ගේ නායකත්වයෙන් බිම් මට්ටම ආමන්ත්‍රණය කරමින් සිටින අවස්ථාවකදී තමන් ද ඊට අභියෝග කිරීමට සූදානම් බව පළපුරුදු දේශපාලනඥයෙකු වන මහින්ද රාජපක්ෂ විසින් මනාව පැහැදිලි කොට ඇති බව දේශපාලන විචාරකයින් පවසති.

සාර්ථක රැලියක්
එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසිදු ලෙසකින් පසුබා නැති බව තම පාක්ෂිකයින්ට අවධාරණය කිරීම සඳහා පැවති මෙම රැලිය දේශපාලන වශයෙන් ඉතා සාර්ථක පියවරක් බවයි මාධ්‍යවේදීන් පවසන්නේ. තමන් මැතිවරණයකට සූදානම් බව සමගි ජන බලවේගයේ එස් එම් මරික්කාර් මන්ත්‍රීවරයා පවසා ඇත.

මීට පෙර අනුර කුමාර දිසානායක පවසා තිබුනේ තමන් ද නියමිත කාලයට පෙර මැතිවරණයකට සූදානම් බවයි. මේ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විචාරකයින් පවසන්නේ කවුරු මොනවා කිව්වත් පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රචාරක වැඩපිළිවෙළ තාමත් සජීව පවතින එකක් බව අනුරාධපුර රැළියෙන් හෙළිදරව්ව වන බවයි.

Related Articles