වැඩ වර්ජිත සෞඛ්‍ය සේවකයින්ගේ ගණිත දැනුම පිළිබඳ ගැටලුවක්

වැඩ වර්ජිත සෞඛ්‍ය සේවකයින්ගේ ගණිත දැනුම පිළිබඳ ගැටලුවක්

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හා එහි සභාපති සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් වීමත් සමඟ මෙම වැඩ වර්ජනයට රෝගීන් ගේ දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතී. ලබන 24 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අදාල වාරණ නියෝගයක් පනවා ඇති අතර වාරේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසන්නේ සෞඛ්‍ය සේවක වැඩවර්ජනයට ප්‍රධාන හේතුවක් වී තිබෙන වැටුප් විෂමතාව නිවැරදි ලෙස විසඳීම සඳහා ගණිතය පිළිබඳ දැනුමක් ඇති විද්වතුන්ගෙන් සමන්විත කොමිසමක් පත්කර පොදු වැටුප් ප්‍රතිපත්තියක් සකස් කර මෙම ප්‍රශ්නය විසඳීමට රජය මැදිහත්වන ලෙස ඉල්ලා සිටියි.

සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා පැවසුවේ බොරු විෂමතා පෙන්වා මිනිසුන් රැවටීමෙන් වළකින ලෙසත් සැබෑ ලෙසම විෂමතා ඉවත්කළ හොත් පවතින වැටුපටත් වඩා වැටුප අඩු වන බවයි. දැනට වැඩවර්ජනයේ නිරත කණ්ඩායම් එදා යහපාලන ආණ්ඩුව සමඟද සමීපව සිටි හෙයින් එදා එම විෂමතා විසඳ ගැනීමට ඉඩ තිබූ බවයි වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා කියා සිටි.

Related Articles