පකිස්ථානයේ කිලෝමීටර්  සීයක්  පළල විලක්….

පකිස්ථානයේ කිලෝමීටර් සීයක් පළල විලක්….

චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්නුම් කරන්නේ පිටාර ගලන ඉන්දු ගංගාව පකිස්ථානයේ සින්ද් පළාතේ කිලෝමීටර් සීයක් පළල අභ්‍යන්තර විලක් බවට පත් කර ඇති ආකාරයයි.

ජුනි මාසයේ සිට මෝසම් වර්ෂාව අද හලෙන් අතර මේ වන විට පුද්ගලයින් එක්දහස් හත් සීයක් මිය ගොස් හාරදහසක් පමණ තුවාල ලබා මිලියන තිස්තුනකට උන්හිටි තැන් අහිමිවී ඇත.

මෝසම් වැස්සට අමතර ව ග්ලැසියර දියවීම ගංවතුර ඇතිවීමට ප්‍රධාන හේතුවයි. කාලගුණ විපර්යාස හේතුවෙන් මිහිතලය උන්සුම් වන අතර එහි ප්‍රතිපලයක් ලෙස ග්ලැසියර දියවේ.

පකිස්ථානය ග්‍රහලෝක උණුසුම් කරන වායු වලින් 1% කට වඩා අඩු ප්‍රමාණයක් ඇති කරන එහෙත් දැන් එරට කාලගුණික සහ දේශගුණික අර්බුදයක කරවටක් ගිලී ඇත.

සින්ද් සහ බලුකිස්තාන් යන පළාත් දෙකෙහිම, වර්ෂාපතනය සාමාන්‍යයට වඩා 500% වැඩි වී ඇති අතර, මුළු ගම්මාන සහ ගොවිබිම් වතුරට යටවී ගිල ගනිමින්, ගොඩනැගිලි සහ බෝග විශාල වශයෙන් විනාශ වී ඇත.

පාකිස්තානයේ ග්ලැසියර හත්දහසකට වැඩි ප්‍රමාණයක් ඇති අතර උත්තර සහ දක්ෂිණ ධ්‍රවයන්ට අමතරව වැඩිම ග්ලැසියර ප්‍රමාණයක් ඇත්තේ පකිස්තානයේය.

Related Articles