පසුගිය අගෝස්තුවේ ලක්ෂය  දැන්  තිස් දාහයි – හර් ෂ ද සිල්වා….

පසුගිය අගෝස්තුවේ ලක්ෂය දැන් තිස් දාහයි – හර් ෂ ද සිල්වා….

2021 අගෝස්තු සිට 2022 අගෝස්තු දක්වා වසරක කාලය තුළ රුපියල් ලක්ෂයක වටිනාකම රුපියල් 30,000 දක්වා අඩුවී ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

වසරකට පෙර රුපියල් 121කට පැවති පෙට්‍රල් ලීටරයක් රුපියල් 470 දක්වා ඉහළයෑමත්, රුපියල් 12කට පැවති අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළ ගොස් ඇති වකවානුවක මෙසේ සිදුවීම පුදුමයක් නොවේ.

ශ්‍රී ලංකාව නාමික ආහාර උද්ධමනය 91% ක් බවට පත්ව ඇත. මේ තත්වය හේතුවෙන් සැලසුම් සහගතව වෙළෙඳ ගිවිසුම් අත්සන් කල නොහැකි වී තිබේ. ඉදිරි දිනවල උද්ධමනය තරමක් අඩු විය හැකි විය බවයි මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසන්නේ.

රට මේ වන විට මුහුණ දී ඇති දරුණු ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3ක පමණ හදිසි ණයක් බලොපොරොත්තු වන අතර ඒ සඳහා තබන මූලික පියවර වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග අත්සන් කරන කාර්ය මණ්ඩල මට්ටමේ මූලික එකඟතාවයකට මේ වන විට දෙපාර්ශවය පැමිණ සිටී.

Related Articles