පොහොට්ටු මන්ත්‍රීවරු දහතුන් දෙනෙක් විපක්ෂයේ…

පොහොට්ටු මන්ත්‍රීවරු දහතුන් දෙනෙක් විපක්ෂයේ…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නා බව පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

පොදු ජන පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු දහතුන් දෙනෙක් විපක්ෂයේ අසුන් ගැනීම පොහොට්ටුවට අභියෝගයක් වන අතර ඉදිරියේදී තවත් පිරිස් තමන් හා එකතු වෙන බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පවසයි.

මහාචාර්ය ජී.එල්.පීරිස්, ඩලස් අලහප්පෙරුම නීතිඥ ඩිලාන් පෙරේරා ,ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, කේ.පී.එස් කුමාරසිරි, ආචාර්ය ගුණපාල රත්නසේකර, වසන්ත යාපා බණ්ඩාර, තිලක් රාජපක්ෂ , ලලිත් එල්ලාවල, උපුල් ගලප්පත්ති මෙලෙස විපක්ෂයේ අසුන් ගත්හ.

මෙම මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට ඉඩ ඇත. මේ පිරිස සමඟි ජන බලවේගය සඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත වීම සඳහා කතිකා කරමින් සිටිති.

‘ඉස්සෙල්ලාම පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය නෙමෙයි. ඊට කලින් තවත් මැතිවරණයක් පැවැත්වෙනවා. ඒ තමා පළාත් පාලන ආයතන මැතිවරණය. අපි රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා පළාත් සභා මැතිවරණයට කරපු දේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කරන්න කිසිසේත් උත්සාහ කරන්න එපා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හැටියට මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ අනුමැතිය ඇතිව මම උසාවි ගියා. සාගර කාරියවසම් මහතාත් උසාවි ගියා. උසාවිය කිව්වා ඔව් මැතිවරණ පවත්වන්න ඕනේ ඒක තමා රටේ නීතිය කියලා. නොයෙක් උප්පරවැට්ටි නිසා ඒ මැතිවරණය පැවැත්වුවේ නෑ.’පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Related Articles