රන්ජන්ට   බන්ධනාගාරයෙන් සැර  පරිප්පුවක්…..

රන්ජන්ට බන්ධනාගාරයෙන් සැර පරිප්පුවක්…..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක බන්ධනාගාර කෑම ගැන දැන් කියන කතා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක පවසයි.

බන්ධනාගාර ආයතනවල සපයන ආහාර හොඳ ප්‍රමිතියෙන් යුතු බවයි චන්දන ඒකනායක පවසන්නේ. ඉරිදාට සියළුම නේවාසිකයින්ට කුකුල් මස් සමඟ බත් ලැබෙන බවත් ඒප්‍රන් සහ අරක්කැමි හිස් පළඳනාවෙන් සැරසුන සිරකරුවන් කෑම බෙදන බවත් චන්දන ඒකනායක පවසයි.

රන්ජන් බන්ධනාගාර කෑම වේල දැඩි විවේචනයට ලක්කරමින් දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේය. “හිර ගෙදර සප්ලයර්ස්ලාට පොලු තියලා ඒගොල්ලෝ දැන් සප්ලයි නවත්ත්වලා තියෙන්නේ. කෝටි 50, 60 පොලු තියලා. එතකොට දැන් ගේන්නේ, මේක කිව්වට කමක් නැහැ. මාළු එක අරන් එද්දී පණුවෝ වැටෙනවා. පණුවෝ අරන් දාලා මෙහෙම කැපුවා, උණුවතුර දැම්මා, මිරිස් ටිකක් දැම්මා, කන්න දුන්නා. එතකොට බත් එක හදන්නේ කුඩු කාරයෝ. දාඩිය, සෙම, සොටු සේරම වැටෙනවා බත් එකේ. ඒවා තමයි මෙහෙම කරලා දෙන්නේ.”

චන්දන පවසන්නේ කෙටි කාලීන දඬුවම් ලබන සිරකරුවන් සනීපාරක්ෂාව ගැන මනා පරීක්ෂණයකින් පසුව අහාර අංශයට යොදවන බවයි.

පාලිත තෙවරප්පෙරුම කියූ යමක් ගැන රන්ජන් පවසා තිබින ” පරිප්පු එක අරන් ගියා. පරිප්පු එක අන්තිමට වාට්ටු හතරකට බෙදුවා. ඉන්න හිරකාරයෝ ටික කෑගැහුවා ටිකක් පරිප්පු යටින් අරන් දෙන්න කියලා. මෙහෙම යටින් ගද්දි තඩි පූසෙක් ආවා. පරිප්පු එකේ. මේක උඩින් පනින්න ගිහිල්ලා වැටිලා. අර වාට්ටු හතරම කාලා තියෙන්නේ පූස් හොදි. පස්සේ ඒක ඒ ගොල්ලන්ට කිව්වාම වමනේ දාල තිබුණා.

චන්දන ඒකනායක පවසන ආකාරයට තම සේවා කාලය තුල මෙවැන්නක් අසා නැත .” “මගේ බන්ධනාගාර සේවා කාලය වසර 37යි. මගේ සේවා කාලය තුළ මම එක ම දවසකවත් පූසෙක් වැටිලා තියෙන පරිප්පු එකක්වත්, හොද්දක්වත් දැකලා නැහැ, අහලා නැහැ” එසේ කියන්නේ චන්දන ඒකනායකයි. මේ රන්ජන් ගේ තවත් හෙළිදරව්වකි.

“බිත්තර ගද්දී බොහොමයක් බිත්තර ඇතුළ කුණු වෙලා. එතකොට මාළු කාපුවාම ඇස්වල ගෙඩි දානවා, කට වණ වෙනවා. බොහෝ දෙනෙක් ලෙඩ වෙලා ඉන්නේ. පව් ඒක ඉතින්. බොහෝම භයානක තත්ත්වයක් හිර ගෙදර තියෙන්නේ. මොකද එළියේ අය හිතනවා එළියේ අයට වඩා හිරගේ හොඳයි කියලා. නමුත් ඇත්ත වශයෙන්ම හිර ගෙදර කෑම තත්ත්වේ බලන්න හිරේ යන්නම ඕනා. ඒ කියන්නේ කන්නම බෑ. පෙළක් අය කන්නේම නෑ. ලෙඩ හැදෙන්න තෝතැන්නක් ඒක. ඒ කියන්නනේ කිසිම රහක් නෑ. මොක ද බිල් ගෙවලා නැති හින්දා සප්ලයර්ස්ලා දෙන්නේ නැහැ.”

වසරකට බන්ධනාගාරවලට සිරකරුවන් ලක්ෂ ගණනක් පැමිණ යතත් ඒ කවුරුවත් මේ පිළිබඳව රන්ජන් මෙන් පැමීණිලි කරන්නේ නැති බවයි චන්දන ඒකනායක පවසන්නේ. බන්ධනාගාරය පිළිබඳව හිටපු සිරකරු රන්ජන් රාමනායක සහ වර්තමාන බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක පවසන්නේ අහස පොළව තරම් පරතරයක් ඇති කතා දෙකකි. රන්ජන්ට අනුව කෑම වලට ලැබෙන්නේ නරකාදියේ මෙනු එකකි. චන්දන ගේ මෙනු එක ස්වර්ගයෙනි. මේගැන හොයා බැළුවොත් නරකද ? මන්දයත් හිරකරුවොත් මනුෂ්‍යයෝය.

Related Articles