වැට්  බදු සියයට  පහළොව  දක්වා  වැඩි කිරීමට  රනිල් ගෙන් යෝජනාවක්….

වැට් බදු සියයට පහළොව දක්වා වැඩි කිරීමට රනිල් ගෙන් යෝජනාවක්….

ජනතාව හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්නෙත් රජයෙන් බව පවසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතා විමුක්තත් පෙරමුණේ හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මෑතකදී කළ ප‍්‍රකාශයක් මම උපුටා දැක්වුවා . ”රජය කරන්න ඕනේ ප‍්‍රතිපත්ති හදන එක, රජයක් තියෙන්නෙ ව්‍යාපාර කරන්න නෙවෙයි”.යැයි සුනිල් හඳුන්නෙත්ති මහතා කල ප්‍රකාශය තමන් පිළිගන්නා බව පැවසුවා.

කෙටි කාලීනව අප නිවැරදි මාර්ගයට අවතීර්ණ වී ඇති බව අවධාරණය කොට සිටි ජනාධිපතිවරයා 2021 වසර අවසානය වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.2 ක්ව තිබූ රාජ්‍ය ආදායම, 2025 වසරේ දී සියයට 15 පමණ දක්වා වැඩි කිරීමට යෝජනා රැසක් ඉදිරිපත් කොට සිටියේය.

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 110 ක්ව තිබූ රාජ්‍ය අංශයේ ණය මැදි කාලීනව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 100 ට වඩා පහළ මට්ටමකට ගෙන ඒමට යෝජනා කල ජනාධිපතිවරයා පැවසුවේ එකතු කළ අගය මත බද්ද සියයට 12 සිට සියයට 15 දක්වා වැඩි කිරීමට යෝජනා කරන බවයි. මේ අනුව සියළුම භාන්ඩ හා සේවා වල මිල ඉහල යනු ඇත.

වයස අවුරුදු 18 ට වැඩි සියලූම වාසික පුද්ගලයන්ට අනිවාර්යයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට යෝජනා වූ අතර රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශවල සේවකයන්ගේ අනිවාර්ය විශ‍්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමටත් යෝජනාවිය.

ගැබිණි මව්වරුන් සඳහා දැනටමත් ලබාදෙන රුපියල් 20,000 ක දීමනාවට අමතරව රුපියල් 2,500 ක මාසික අතිරේක දීමනාවක් ලබාදීමටත් වූ අතර ඉතා ඉක්මණින් සහන සැලසිය යුතු ආහාර සුරක්ෂිතතාවයක් නොමැති පවුල් 61,000 ට ක් පමණ සිටින බවට දැනට මසකට රුපියල් 10,000 ක් බැගින් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතවරයා පැවසීය.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ මේ අයවැය යෝජනා මුළු රටම සහනාධාර ලබන තත්වයට පත්වෙන බවයි.හොරකම් කරන ආණ්ඩුවක් සමග සර්වපාක්ෂික ආණ්ඩු සදා පලක් නොවන බවත් තමන් ඒ පැත්ත පළාතේ නොයන බවත් සරත් ෆොන්සේකා පැවසීය.

Related Articles