පියයුරු පිළිකා ඉහළට…

පියයුරු පිළිකා ඉහළට…

පියයුරු පිළිකාව වැළදීමේ අවධානම ශ්‍රී ලංකාවේ ඉහළ යමින් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. කාන්තාවන් 4500ක් සහ පිරිමින් 100 දෙනෙකු පමණ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන්ගේ ලැයිස්තුවට එකතු වේ.

මේ රෝගය මුල් අවස්ථාවේදී හඳුනා ගන්නා ප්‍රමාණය තවමත් සැළකිය යුතු ලෙස අඩු මට්ටමක පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය සද්ධර් ම වීරකෝන් BBC සිංහල සේවයට කියා සිටියේය.

සරල පරීක්ෂාවක්….

සති දෙකකට වරක්වත් කැඩපතක් ඉදිරියට ගොස් පියයුරු වල හැඩය හා සමමිතික බව, පියයුර ගිලී තිබෙනවා ද, නෙරා තිබෙනවා ද, තන පුඩුවේ හැඩයේ වෙනසක් හෝ ශ්‍රාවයක් තිබෙනවාද යන්න ආදී ලක්ෂණ පරීක්ෂා කිරීම වැදගත් වේ.

ඉන්පසු උඩුබැලි අතට ඇඳේ හාන්සි වී එක් අතක් ඔලුවට යටින් තබාගෙන එම පැත්තේ පියයුර අනිත් අතින් අල්ලා බලා පරීක්ෂා කළ යුතුය.

පියයුරු පසු තලය මතට පිහිටීමෙන් නිවැරදි පරීක්ෂාවක් කළ හැකි වන්නේ එවිටයි. මෙම පරීක්ෂාවන් සිදු කර ගැනීම යෝගයයි. එහි දී පියයුරු උඩු පැත්ත, පියයුරු යටි පැත්ත, කිහිළි ආශ්‍රිත පියයුරු පැත්ත හා කිහිල්ල හොඳින් ස්පර්ශ කර පරීක්ෂා කළ යුතුයි.

Related Articles