පුතින් ගෙන්  හිත මිතුරු ගුවන්  ගමන්….

පුතින් ගෙන් හිත මිතුරු ගුවන් ගමන්….

මොස්කව් සහ “මිත්‍ර රාජ්‍ය” අතර ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කිරීමට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නියෝග කර ඇති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිවේදනය කොට ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ස්විට්සර්ලන්තයේ ජාතික ගුවන් සේවය වන ස්විස් ඉන්ටර්නැෂනල් එයාර් ලයින්ස් නොවැම්බර් 10 සිට සතිපතා ගුවන් ගමන් සමඟ නැවත ශ්‍රී ලංකාවට මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

පසුගිය මාසයේදී රුසියාවේ Aeroflot ශ්‍රී ලංකාවට වාණිජ මෙහෙයුම් නැවත ආරම්භ කල අතර ප්‍රංශ ගුවන් සේවාව මෙන්ම නෙදර්ලන්ත ගුවන් සේවාවත් ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටී.

ශීත සමය උදාවීම සමඟම යුරෝපයේ ගෑස් සහ විදුලි බිල ඉහල යෑමට සමාන්තරව එරට රට වැසියන් සංචාරක ගමනාන්ත කරා යොමු වීමේ ප්‍රවනතාවක් ඇති වෙමින් පවතී.

Related Articles