බංග්ලාදේශය ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු සීමා කරයි….

බංග්ලාදේශය ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු සීමා කරයි….

බංග්ලාදේශ මහ බැංකුව ශ්‍රී ලංකාව සමඟ මුල්‍ය ගනුදෙනු වලට සීමා පනවා ඇත. මේ පියවර දෙරට අතර වෙළඳාමට බලපෑම් කළ හැකි පියවරකි.

Asian Clearing Union (ACU) ක්‍රමය හරහා ශ්‍රී ලංකාවේ බැංකු සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින ලෙස බැංකු ඇතුළු බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් ඉල්ලා ඇත.

මෙම පියවර ඔක්තෝබර් 14 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවට ඩොලර් බිලියන 1.2 ක නායක ඇති අතර බංග්ලාදේශයට ද ණය වී ඇත.

ශ්‍රී ලංකාවට Asian Clearing Union (ACU) ක්‍රමය හරහා සිය ණය පියවා ගැනීමට නොහැකි වී ඇති අතර සෑම අවස්ථාවකම ගෙවීම කල් දමා ගනී.

බංග්ලාදේශය තමන්ගේ වෙළෙඳ සමාගම් ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්‍ෂිත පියවරක් ලෙස මෙම තහනම පනවන්නට ඇති බව මූල්‍ය විශ්ලේෂකයින් පවසති. සෙසු රටවල්ද මේ පියවර ගතහොත් ශ්‍රී ලංකාව දැඩි දුෂ්කර තත්වයකට පත්වෙනු ඇත.

Related Articles