කාර් යාල ලිංගික හිංසනයේ බලපෑම දැඩියි….

කාර් යාල ලිංගික හිංසනයේ බලපෑම දැඩියි….

ලංකාවේ කාන්තා ශ්‍රම බලකා දායකත්වය 30.9% වන අතර මේ කාන්තාවන්ගෙන් වැඩි දෙනා තම සේවා ස්ථාන වලදී ලිංගික අතවර වලට මුහුණ පා ඇති බව ලංකා නිවුස් ලයින් කළ විමසුමකදී හෙළිදරව් විය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය 2011 වර්ෂයේදී සිදු කරලා තියෙන පරීක්ෂනයක් අනුව කාන්තා ඇගළුම් සේවිකාවන් 57% තම රැකියා ස්ථානයේදී ලිංගික හිරිහැර වලට ලක්ව ඇති අතර කාර් මික අංශයේ රැකියාවේ නිරත වෙන කාන්තාවන් 62.3% යම් ආකාරයක ලිංගික හිරිහැරයකට මුහුණ දී ඇත.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය සිදු කරපු සමික්ෂනයට දායකවූ කාන්තාවන්ගෙන් 60%ක් ලිංගික අතවර වලට ලක්වී ඇත.

මේ ලංකා නිවුස් ලයින් විමසුමේදී ලැබුණු ප්‍රතිචාර කීපයකි :

නිලක්ෂනා -තිස් දෙහැවිරිදි සාප්පු සේවිකාවකි – මේ දවස් වල වෙළෙදාම අඩුයි. ඒ නිසා සාප්පුව දවල්ට පාළුයි. මේකෙන් ප්‍රයෝජන ගන්න සමහරු ඇවිල්ලා අසභ්‍ය කථා කියලා අතපත ගාන්න හදනවා. සාප්පුවේ CCTV කැමරා හයි කරන්න වැඩ කරගෙන යනවා.

සුරංගා – විසිහය හැවිරිදි ගුරුවරියක් – ඉස්කෝලේ වටේටම තියෙන්නේ ලිංගික හිංසනය. ලොකු පන්තිවල ළමයි නොගැලපෙන කථා කියනවා. ස්ටාෆ් රූම් එකේ පිරිමි ගුරුවරු පහත් පෙලේ විහිළු කථා කියනවා මගේ ඇඟ පසඟ ගැන කතා කරනවා. වැඩේ කියන්නේ සමහර ගුරුවරියනුත් මේකට එකතු වෙනවා. මම දැන් මාරුවක් ඉල්ලලා තියෙන්නේ.

හංසිකා – හතලිස් හැවිරිදි සාප්පු සේවිකාවකි – සාප්පුවේ මහත්තයා නිතර බලපෑම් කරනවා. කෙළින්ම ලිංගික යෝජනා කරනවා. බැරිනම් යන්න කියනවා. වෙන රස්සාවක් හොයා ගන්න අමාරු නිසා ඉවසීමෙන් ඉන්නවා.

අසංකා – තිස් අට හැවිරිදි මාධ්‍යවේදිනියකි මට දික්කසාද නඩුවක් තියෙනවා. මේ ගැන දන්නා හුඟ දෙනෙක් මට නොයෙක් විකාර යෝජනා කරනවා. ඒ දවස් වල මම පැය ගණන් ඇඩුවා දැන් මගේ හිත හයියයි. ඒ වගේ විකාර යෝජනා කරන කොට හොඳින් සහ කරුණාවෙන් කරුණු පහදනවා. බොහෝ විට ඒ යෝජනාව කරපු එක්කෙනාටම ලැජ්ජා හිතෙනවා.

වින්ධ්‍යා – කර්මාන්ත ශාලා සේවිකාවකි – සුපවයිසර් ඉඳන් මැනේජර් දක්වා ඉන්න පිරිමි පුළුවන් වෙන හැම වතාවකම තට්ටු බට්ටු දානවා. හැබැයි දැන් අඩුයි. මොකද උන් ලඟට ඇවිල්ලා කැරකෙන කොට කෙල්ලෝ ටික මහ හයියෙන් හිකි හිකි ගාලා හිනාවෙනවා.

Related Articles