බොරැල්ලේ සිරි සුමන හිමියන් තිලිණි ගෙන් ඈත් වෙන්න බලයි…

බොරැල්ලේ සිරි සුමන හිමියන් තිලිණි ගෙන් ඈත් වෙන්න බලයි…

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් දැවැන්ත මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලිට කෝටිපතියන් රවටා මුදල් ගරා ගැනීමට ආධාර හා අනුබල දුන්නේ යැයි කියන බොරැල්ලේ සිරි සුමන නමැති භික්ෂුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට පවසා ඇත්තේ ඇය විහාරස්ථානයට උදවු උපකාර කරන දායිකාවක මිස ඊට එහා ඇය සමඟ තමාට සම්බන්ධයක් නොතිබුණු බවත් කිසිදු වංචනික ක්‍රියාවකට තමන් වහන්සේ ඇය සමඟ සම්බන්ධ නොවූ බවත්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හොයාගෙන ඇති තොරතුරු අනුව හෙළිදරව් වී ඇත්තේ තිලිණි ප්‍රියමාලි විශාල වශයෙන් විහාරස්ථානයට මුදල් ලබා දී ඇති බවයි.

කඩවත වෑබඩ අරහත්තක සමාධි ආරණ්‍ය විහාරස්ථානයේ වැඩවාසය කළ මර්ගඵල ලැබූ රහත් භික්ෂුවක් යැයි කියන බොරැල්ලේ සිරි සුමන හිමියන් ව්‍යපාරිකයින්ට රන් ආලේපිත පිත්තල පොළු පෙන්වා ඇත්තේ මෙම විහාරස්ත්නය තුළය. එසේම ව්‍යාපාරිකයන්ව තිළිණිගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය සඳහා පොලඹවාලීමටත් උන්වහන්සේ කටයුතු කල බව හෙළිදරව් වී ඇත.

මුදල් ඉල්ලා කරදර කරන ව්‍යාපාරිකයන් සන්සුන් කිරීම් සඳහාත් එම ව්‍යාපාරිකයන්ව රැගෙන ගොස් ඇත්තේ වෑබඩ පිහිටි ආරණ්‍යයටය. එහිදී උන්වහන්සේ එම ව්‍යාපාරිකයන්ට කාමරයක් විවෘත කර එහි ගොඩගසා ඇති රන් පොලු තොගයක් පෙන්වමින් ඇපයක් ඇති හෙයින් බිය නොවන ලෙස කියමින් ව්‍යාපාරිකයන් අස්වැසු බව හෙළිදරව් වී ඇත.

මේ පිත්තල පොළු සඳහා ටොන් එකක පමණ පිත්තල අවශ්‍ය වූ බවත් එහි රන් ආලේප කිරීම සඳහා සැහෙන වෙහෙසක් දරා ර ඇති බවත් පොලීසියට හෙළිදරව් වී තිබේ. මෙම කාර් යන් කිරීම සඳහා එක්වූ පිරිස පිළිබඳවත් පොලීසියේ අවධානය යොමු වී තිබේ.

Related Articles