පොහොට්ටුව ගෝඨාභය අතට….

පොහොට්ටුව ගෝඨාභය අතට….

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පොහොට්ටුවේ නායකත්වයට පත්කිරීටත් මහාචාර්ය ජී. එල් පීරිස් සභාපති තනතුරෙන් ද ඩලස් අලහප්පෙරුම භාණ්ඩාගාරික තනතුරෙන් ඉවත් කිරීමටද කතිකාවක් ඇතිවී තිබේ.

පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා කියා සිටියේ ලබන මාසයේ පැවැත්වීමට නියමිත පක්ෂ මහ සමුළුවේදී ජනමතයට එරෙහිව ඒ අය වෙනුවට නව පත් කිරීම් කරන බවයි. දේශපාලන විචාරකයින් පවසන්නේ කවුරු බලයට පත්වුවත් බැසිල් රාජපක්ෂ පොහොට්ටුව මෙහයවීම දිගටම පවතිනු ඇති බවයි.

ළිං කටින් වැටුණු මිනිහා ළිං කටින් ගොඩ විය යුතු සේම රාජපක්ෂ වරුන් දේශපාලන මෙහෙයුමක් තුලින් ගොඩයාමට උත්සාහ කරන බවක් දක්නට ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.

ගෝඨාභය රාජපක්ෂ මේවන තෙක් කිසිඳු දේශපාලන පක්ෂයක තනතුරු දරා නොමැති අතර හිටපු ජනාධිපතිවරයා සැප්තැම්බර් මාසයේ යලි දිවයිනට පැමිණි පසු ඔහුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණ තීරණය කර ඇතැයි ද දැනගන්නට තිබේ. දැන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නීතිමය මුක්තියක් නැති හෙයින් ඔහුට එරෙහිව ඇතැම් පිරිස් ඔහුට එරෙහිව අධිකරණයට යාමේ ඉඩක් ඇත.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පිටින්….

කෝප් සහ කෝපා කමිටු සභාපති තනතුරුවලට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පිටින් මන්ත්‍රීවරුන් පත් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී දැඩි විරෝධය පළ කර ඇත.

එම කමිටු පිහිටුවීමටත් කලින් ඒවායේ සභාපති තනතුරු සඳහා සමගි ජන බලවේගය පක්ෂය එම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ නම් යෝජනා කර ඇතැයිද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව එසේ කටයුතු කිරීමේ හැකියාවක් නැතැයිද ඔහු මෙහිදී පෙන්වාදී ඇත.

මුලින්ම එම කමිටු පිහිටුවා ඉන් අනතුරුව එහි සාමාජික මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් සභාපතිවරයා තෝරා පත්කර ගතයුතු වන බව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල පැහැදිලිවම දැක්වෙන්නේ යැයි ප්‍රකාශ කර ඇති කාරියවසම් මහතා එක් එක් අයට ඕන විදියට සභාපති තනතුරුවලට මන්ත්‍රීවරුන් පත් කළ නොහැකි බවද සඳහන් කර ඇත.

කෝප් සහ කෝපා කමිටු සභාපති තනතුරුවල මෙයට පෙර කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකි.

කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය චරිත හේරත් මහතාත් කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය තිස්ස විතාරණ මහතාත් එලෙස කටයුතු කළහ.

නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය වාර අවසාන කිරීමත් සමඟ කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් අහෝසිවී ගියේය.

Related Articles