රෝහිත ගේ  සුපිරි  හෝටලේ ගිනිතැබූ  සැකකරුවන් අත්අඩංගුවේ…

රෝහිත ගේ සුපිරි හෝටලේ ගිනිතැබූ සැකකරුවන් අත්අඩංගුවේ…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් සුපිරි හෝටලයක් පසුගිය මැයි 10 වැනිදා ගිනිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් හතර 4 දෙනෙකු කොලොන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිංහරාජයට නුදුරින් ඇඹිලිපිටිය, කොලොන්න ගොන්ගලකන්ද ප්‍රදේශයේ පිහිටි ‘ග්‍රීන් ඉකෝ ලොජ්’ හෝටලයේ භාණ්ඩ සොරකම් කර ගිනි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් සඳුදා සහ අඟහරුවාදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරුවන් අවුරුදු 25 සහ 50 වයස්වල පසුවන කොළොන්න ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මැයි 10 වැනිදා කෝපයට පත් විරෝධතාකරුවන් විසින් සුඛෝපභෝගී හෝටලයට ගිනි තැබීමෙන් පසු එම හෝටලය මහින්ද රාජපක්ෂගේ පුත්‍රයකුගේ බවට වාර්තා පළ විය. එම හෝටලය යෝෂිත රාජපක්ෂට අයත් බව ඇතැම් මාධ්‍ය වාර්තා කළ අතර එය ඔහු විසින් වහාම ප්‍රතික්ෂේප කරන ලදී. කෙසේ වෙතත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම හෝටලය තුන්වැනි පුත්‍රයා වන රෝහිත රාජපක්ෂට අයත් හෝටලයක් බවයි.

එම හෝටලය ඔහුගේ සොහොයුරාට අයත් බවට තොරතුරු වාර්තා වන විට කට උත්තර නොදී සිටි බවත්ය.

තම පියා අගමැති ධූරය දැරූ සමයේ රෝහිත කිසිදු නිල තලයක් දැරුවේ නැතත් ඔහු නිතර නිතර අරලියගහ මැදුරේ දක්නට ලැබුණු අතර ඔහුගේ ආදායම් මාර්ගය පිළිබඳව නිතර ප්‍රශ්න මතුවී ඇත. ඔහු රැකියාවක නිරත ව සිටි බවක්ද දැනගන්නට නැත. සිංහරාජ මායිමේ හෝටලයක් සැදීම මගින් පරිසරයට සිදුවෙන හානි ගැනද ආන්දෝලනයක් මතුව තිබින.

Related Articles