සිංගප්පූරුවේ  සමරිසි පෙමට ඉඩ ….

සිංගප්පූරුවේ සමරිසි පෙමට ඉඩ ….

සිංගප්පූරුවවේ , සමලිංගිකත්ව තහනම අවසන් කිරීමට සැරසෙන අතර ඉන්පසුව සමරිසි පෙමට බාධාවක් නොවනු ඇත.

අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් විසින් එරට ජාතික රූපවාහිනිය ඔස්සේ මේ සුදානම හෙළිදරව් කිරීමෙන් අනතුරුව සිංගප්පූරුවේ සමලිංගික හා සංක්‍රාන්ති ලිංගික (LGBT) ක්‍රියාකාරීන් පැවසුවේ මේ තීරණය ‘මනුෂ්‍යත්වය ලද ජයග්‍රහණයක්’ ලෙස දක්වමිනි.

සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම්….

ඉන්දියාව, තායිවානය සහ තායිලන්තයට පසුව,සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රගතිශීලී වෙනසක් කරා ගමන් කරමින් සිටින රට බවට පත්ව ඇත්තේ සිංගප්පූරුව පත්ව ඇත. ශ්‍රීලංකාව තුල මේ පිළිබඳව නොයෙකුත් කථා බහ අත්වී තිබෙන නමුත් තවමත් නීතිපොතේ මේ පිළබඳව ඇත්තේ යල් පැනගිය බව බොහෝ දෙනෙක් සලකන නීතිය.

අගමැති ලී පැවසුවේ “මෙය කළ යුතු නිවැරදි දෙයයි. එමෙන් ම එය බහුතර සිංගප්පූරු වැසියන් විසින් පිළිගන්නා දෙයකි යි අප විශ්වාස කරන බැවින්”, මෙම නීතිය අහෝසි කරන බවයි.

“පුද්ගලයින්ට දැන් වඩා හොඳ පිළිගැනීමක් ලැබෙනු ඇත. එමෙන් ම 377A ඉවත් කිරීම මඟින් රටේ නීති වර්තමාන සමාජ සදාචාරයන්ට ගැලපෙන ලෙස යාවත්කාලීන වන බැවින් සමලිංගික සිංගප්පූරු වැසියන්ට ඉන් සහනයක් ලැබෙනු ඇතැයි ද මම බලාපොරොත්තු වෙමි” යි ඔහු සඳහන් කළේ ය.

ශ්‍රි ලංකාවේ සම ලිංගිකත්වය දරුණු වරදකි 1886 දී සමපාදිත දණ්ඩ නීති සංග්‍රහය අනුව ලංකාව තුල සමලිංගික වර්‍යාවල නිරතවීම දඩුවම් ලැබියහැකි වරදකි.ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය අනුව සමලිංගික චර්යාවක යෙදේනම් වසර 10 සිර දඩුවමක් සහ දඩයකට යටත්විය යුතුය.

බාල වයස්කරුවකු සමග සමලිංගික ඇසුරක් නම් බරපතල වැඩසහිත වසර 10 නොඅඩු සිරදඩුවමක් හෝ වසර 20 සිර දඩුවමක් සමග දඩයකට යටත්විය යුතුය.එසෙම අපරාධයට යටත්වූ අයට අධිකරණයේ අභිමතය පරිදි නියමකල වන්දියක් ගෙවීමට සිදුවේ.

Related Articles