බඩු  මිල වැඩි වීම  අඩු වෙලා – බැංකු අධිපති…

බඩු මිල වැඩි වීම අඩු වෙලා – බැංකු අධිපති…

ශ්‍රි ලංකාවේ ආර්ථික තත්වය කඩා වැටෙමින් තිබෙන බව කියමින් සමාජ පිපිරී මක් ඇතිකිරීමට බැංකු අධිපති ආචාර් ය නන්දලාල් වීරසිංහ කටයුතු කරමින් සිටින බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසීමෙන් අනතුරුව මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් වීරසිංහ සිළුමිණට තරමක වෙනස්
කථාවක් පවසා ඇත.

මෙරට ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට දැන් පත්ව ඇති බවත් ඒ අනුව එය පාලනයකට නතු කර ගත හැකි බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සිළුමිණට පවසා ඇත. දැනට භාණ්ඩ සඳහා පවතින මිල ගණන් අඩුවීමක් සිදු නොවූවද බඩු මිල වැඩිවීමේ වේගය අඩුකිරීම මහ බැංකුවේ අරමුණ බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ඉදිරියේදී උද්ධමනය අඩුවේනම් ණය පොලී අනුපාත පවා අඩු කිරීමේ හැකියාව පවතින බව අවධාරණය කළ ආචාර්ය වීරසිංහ කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම, ගෙවීමට ඇති ණය සහන කාලය දීර්ඝ කර ගැනීම වැනි රජය සහ මහ බැංකුව විසින් ගෙන ඇති වැඩ පිළිවෙළ ඉදිරියට කරගෙන යාම තුළින් රට හොඳ තත්ත්වයකට පත්වනු ඇති බවයි.

මේ වන විට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය දිගටම ගෙවා ගෙන යමින් පැවතියද ද්විපාර්ශ්වික ණය ගෙවීම් නතර කර ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද කියා සිටියේය.

ලබන වසරේ ජනවාරි මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට හැකිවනු ඇති බවද හෙතෙම විශ්වාසය පළ කෙළේය.

Related Articles