බැසිල් වෑයම අත් නොහරී

බැසිල් වෑයම අත් නොහරී

මුලින්ම මහ මැතිවරණයක් පැවත්විය යුතුය යන අදහස ඉදිරිපත් කළ බැසිල් රාජපක්ෂ හට රනිල් වික්‍රමසිංහ එකඟ කරවා ගැනීමට නොහැකි වී ඇතත් ඔහු තම වෑයම අත් හැර නැත.

බැසිල් රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පළමුව පැවැත්විය යුත්තේ ජනපතිවරණය වුවත් මන්ත්‍රීන් අවශ්‍ය නම් යෝජනා සම්මතයකින් මැතිසබය විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමේ හැකියාව ඇති බවය.

යම් හෙයකින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය ජය ගත හොත් හෝ විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා ගත හොත් දැනට පාර්ලිමේන්තුවේ සිටින බහුතරයකට වැලේ වැල් නැතිවෙන බවට පොදු පිළිගැනීමක් ඇතිවෙමින් පවතී

පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවක් මගින් මැතිසබය විසුරුවා හැර අවාසිය අවම කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.

සිංහල අවුරුද්දෙන් පසුව මැතිසබය විසුරුවා හැරීමට එකඟ මන්ත්‍රීන් සංඛ්‍යාව ගණනය කිරීමට තීරණය වී ඇත.

Related Articles