මම  එදා හිටියා නම් වෙඩි තියනවා -ප්‍රසන්න රණතුංග…..

මම එදා හිටියා නම් වෙඩි තියනවා -ප්‍රසන්න රණතුංග…..

උඩුගම්පළ පිහිටි තමන්ගේ නිවාස ගිණි තබන මොහෙතේ තමන් එහි සිටියේ නම් එදා තමා ඒ පිරිසට වෙඩි තබන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. තමාට තුවක්කුවක් තිබෙන බවත් එදා පැමිණියේ නිවටයින් පිරිසක් බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රූපවාහිනී සංවාදයකට එක්වෙමින් පැවසීය.

ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට නොහැකි හේතු තිබෙන බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හෙළිදරව් කළේය.

“මම බැසිල් රාජපක්ෂට කතා කරලා ඇහුවා 22 ගේන්න හදනවා, මොකද කරන්නේ කියලා. ප්‍රසන්න, මට යුද්ධේ ගැටලු වගයක් තියෙනවා. මට ඒක නිසා ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගන්න බෑ. ( එතුමාට යුද්ධේ චෝදනාවල් තිබුණා නේ. ඔයාලා දන්නවානේ UN වාර්තාවේ මොනවද තිබුණේ කියලා.) හැබැයි අපි දැන් වයසයි. ඔයාලා මේක අතට අරගෙන කරන්න කිව්වා. මං ගැන හිතන්නේ නැතුව ඔයාලා පක්ෂයක් හැටියට තීන්දු කරලා කරන්න කිව්වා”

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ රනිල් වික්‍රමසිංහ හා දේශපාලනිකව එක්වෙනවද නැද්ද යන්න කීමට තවමත් කල් වැඩි බවයි.

“අපිට මහින්ද රාජපක්ෂට ගෞරවනීය සමුදීමක් දෙන්න බැරිවුණා” යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසු අතර ඔහු කියා සිටියේ මහින්ද සමඟ නැගිටීමේ වැඩපිළිවෙලට තමන්ගේ මනාපයක් නැති බවයි.

Related Articles