මහලේකම් සාගර  බොරුවක්ද කළේ ?

මහලේකම් සාගර බොරුවක්ද කළේ ?

දැනට පුරප්පාඩු වී ඇති ජනාධිපති තනතුරට සුදුස්සකු තෝරා ගැනීමේ ඡන්දයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට හිතු මතයට කළ ප්‍රකාශයක්ද යන ප්‍රශ්නය මතු වීතිබේ.

සභාපති ජී.එල්.පීරිස් මහතා ලිපියක් යොමු කරමින් පක්ෂ මහලේකම් සාගර කාරියවසම්ගෙන් මේ ප්‍රකාශයේ පදනම විමසා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කළ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සගාර කාරියවසම් මහතා පැවසීය.

මේ අතර වාරයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා ද සාගර කාරියවසම් ගේ ප්‍රකාශය ප්‍රශ්න කොට ඇත .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් කියනවා පක්ෂයේ ඡන්දෙ රනිල් වික්‍රමසිංහට දෙන්න තීන්දු කළා කියලා. එහෙම තීන්දුවක් ගත්තේ නැහැ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පැවසීය.

“සාගර කාරියවසම් එදා කරපු දේමයි අදත් කරන්නෙ , ලේකම් තුමාට පැහැදිලිව කියනවා මේ වගේ බොළඳ , මේ වගේ මෝඩ තීන්දු තීරණ පක්ෂයේ මතය කියලා ජනතාවට දෙන්න එපා. මේක මහා බොරුවක් කළේ යැයි ලලිත් එල්ලාවල පැවසීය.

Related Articles