යක්ගහපිටිය පා පහර  දුන් කර්නල්  ගෙන් අපුරු උත්තරයක්….

යක්ගහපිටිය පා පහර දුන් කර්නල් ගෙන් අපුරු උත්තරයක්….

කුරුණෑගල යක්ගහපිටිය ඉන්ධන පිරවුම් හලේදී ප්‍රදීප් අත්තනායකට පා පහරක් එල්ල කළ යුද හමුදා ලුතිනන් කර්නල් ප්‍රීති විරාජ් කුමාරසිංහට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම යුද හමුදාපතිවරයා වෙත නිර්දේශ කොට ඇත .කෙසේ වෙතත් මානව හිමිකම් කොමිසම මීට පෙර කළ නිර්දේශ ඉටු නොවූ අවස්ථා ගනනාවක්ම තිබේ.

තවත් හමුදා සාමාජිකයකු මෙම පුද්ගලයාට පහර දෙන අයුරු ද නිරීක්ෂණ වන බවත් ඔහු සම්බන්ධයෙන්ද පියවර ගත යුතු බව කොමිෂන් සභාවේ සභාපතිනි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය නිර්දේශ කොට තිබේ.

වාරියපොළ කඳවුරේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ නමැති ලුතිනන් කර්නල් ලුතිනන් කර්නල් ප්‍රීති විරාජ් කුමාරසිංහ කොමිසමට දී ඇත්තේ අපුරු පිළිතුරකි.

අදාළ පුද්ගලයා තමන් පෞද්ගලිකව නොහඳුනන අයකු බවත්, ඔහු වෙත එල්ල කරන පහර ද්වේෂ සහගත ලෙස එල්ල කළ පහරක් නොවන බවත්, සී.සී.ටී.වී. කැමරා දර්ශනවලින් මේ බව නිරීක්ෂණ වන බවත් ලුතිනන් කර්නල්වරයා කොමිසම වෙත දැනුම් දී ඇත. තමාට එම පුද්ගලයාට පහරදීමට අධිෂ්ඨානයක් තිබුණේ නම් නොකඩවා පහර දෙමින් හෝ මිනිසුන්ට නොපෙනෙන තැනකට ගෙන ගොස් පහරදීමේ හැකියාව තිබූ බව ද ඔහු කොමිසමට පවසා තිබේ.

මේ පිළිතුරෙන් පෙනී යන්නේ ලුතිනන් කර්නල් තනතුරක් හොබවන මෙම පුද්ගලයා තමන්ගේ රාජකාරි භුමිකාව හරිහැටි හඳුනා ගෙන නැති බවයි.

මානව හිමිකම් කොමිසම නිගමනය කරන පරිදිම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු වශයෙන් වගඋත්තරකාර හමුදා ලුතිනන් කර්නල්වරයා සාමාන්‍ය පුරවැසියන් සමග කටයුතු කිරීමේ දී මීට වඩා සංයමයකින් හා විනයානුකූලව කටයුතු කළ යුතුය.

ප්‍රදීප් අත්තනායක නමැති අය එම අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණේ නම් ඔහු සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට පොලිසිය සිටී ඒ හැරෙන් නට පා පහර දීම හෝ කිසිවෙකුටත් නොපෙනන තැනකට ගොස් පහරදීම හමුදා නිලධාරීන් ගේ භූමිකාව හෝ වගකීම නොවන බව ඒත්තු ගැන්වීම හමුදා පරිපාලනයේ වගකීමයි.

Related Articles