සුපිරි  වායු  සමන  පංති කාමර ඇති කළ  විදුහල්පතිනිය  ගෙදර  යැව්වේ  ඇයි ?

සුපිරි වායු සමන පංති කාමර ඇති කළ විදුහල්පතිනිය ගෙදර යැව්වේ ඇයි ?

පාසලක වායු සමීකරණය කල හැකි පන්ති කාමර ඇත්නම් ඒ පාසැල සුපිරි එකකි. ඒ වැඩ කල හැක්කේ සුපිරි විදුහල්පතිනියකටය.

කොළඹ රාමනාදන් හින්දු බාලිකාවේ විදුහල්පතිනී කෝතායි. නගුලරාජා පාසලේ පංති කාමර තුනක් වායු සමීකරණය කළාය. එහෙත් පොඩි නොව ලොකු කොස්සක් තිබින. වායු සමීකරණ කල කාමර විදුහල්පතිනියගේ නිල නිවස බවට පත්විය. පංති කාමර නිල නිවසට එක්කර ගැනීම පිළිබඳව චෝදනා එල්ලවූ අවස්ථාවේ විදුහල්පතිනියට වහාම නිල නිවසෙන් ඉවත්වෙන් ලෙස දන්වා තිබින. මූල්‍ය අක්‍රමිකතා රැසක් සමඟින් මේ චෝදනාවත් අධ්‍යාපන අමත්‍යංශය වෙත් දෙමාපියන් ඉදිරිපත් කළහ. චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව කළ පරීක්ෂණයකින් පසු කොළඹ රාමනාදන් හින්දු බාලිකාවේ විදුහල්පතිනී .කෝතායි නගුලරාජා සේවයෙන් පහ කිරීමට නිර්දේශ විය.

පාසල් සංවර්ධන සාමාජිකයන්ගේ මුදල් පෞද්ගලික ගිණුම්වලට බැර කර ගැනීම, පාසල් සංවර්ධන සමිති මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සහ , පාසලේ පන්ති කාමර තුනක් වායු සමනය කර නිල නිවාසය ලෙස පාවිච්චි කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් විදුහල්පතිනිය වැරදිකරු බවට කමිටුව තීරණය කර ඇත.

මීට වසර කීපයකට පෙර විද්‍යාලයේ සංවත්සර අවස්ථාවක දී ඩේලි නිව්ස් පුවත්පත ඇය පිල්න්දව සටහනක් තැබුවේ මෙසීය” කෝතායි නගුලරාජා මහත්මියගේ ශ්‍රේෂ්ඨත්වය අද්විතීයයි. ඇය කරන ඕනෑම දෙයක් තුළ අව්‍යාජත්වයේ සහ ධෛර්‍යයේ උදාරත්වයේ වළල්ලක් ඇත”,

Related Articles