රන්ජන්  බන්ධනාගාර  නිලධාරින්  වෙනුවෙන් කථා  කරයි…..

රන්ජන් බන්ධනාගාර නිලධාරින් වෙනුවෙන් කථා කරයි…..

හිරෙන් නිදහස් වූ රන්ජන් රාමනායක පවසන්නේ ඉතා අඩු වැටුප් ලබ න බන්ධනාගාර නිලධාරීන් හට සියයට හතලියේ දීමනාව ලබා දිය යුතු බවයි.

අඩු වැටුප් නිලධාරීන් හිරකරුවන් පීඩනයකට ලක් කරන තත්වය වහාම වෙනස් විය යුතු බවයි රන්ජන් රාමනායක පෙන්වා දෙන්නේ. හිර ගෙදර සිටින කාලය තුලදී ආහාර ගැන පැමිණිලි කළේ නැත්තේ ඇයිදැයි බන්ධනාගාර ප්‍රකාශ කරන නමුත් ආහාර වල තත්වය ගැන කථා කලොත් ඒ හිරකරුවාට ගුටි පුජාවක් කෑමට ලැබෙන බව රන්ජන් රාමනායක පෙන්වා දුන්නේය.

බන්ධනාගාර ප්‍රකාශක චන්දන ඒකනායක පවසන ආකාරයට සෙසු ජනතාවටත් හිරේ යෑමට කැමැත්තක් ඇති විය හැකි බවයි ඔහු පවසන්නේ. මේ අරගලය දැන් නතර කල නොහැකි තත්වයක් බවත් දැන් ජනතාව යාලු වී සියලු හොරුන් පලවා හරිය යුතු බවත් අරගලකරුවන් හිරේ දමා මේ ගැටළුව විසඳිය නොහැකි බවයි.

අරගලයේ නායකත්වය අපහාසයට ලක් කිරීමෙන් මේ ගැටළු විසඳිය නොහැකි බවත් රන්ජන් පැවසීය.

තමන් වැනි කෙනෙක් නායකත්වය ගෙන් ආධාර ඉල්ලුවහොත් ලෝකයෙන්ම ආධාර ලබා ගත හැකි බවත් , ඒ සඳහා විස්වාසනීය බව දියුණු
කරගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය. වැඩිදෙනා කෙහෙල්කන් හොරු වන අතර කම්බ හොරු, නීලකාස හොරු ආදී වශයෙන් හොරු වර්ග ගණනාවක් සිටින බව රන්ජන් රාමනායක පවසයි.

Related Articles