බ්‍රිතාන්‍යයේ  නව පරිසර  ඇමති රනිල් ජයවර්ධනට  පරිසර වේදීන්ගේ විවේචන…

බ්‍රිතාන්‍යයේ නව පරිසර ඇමති රනිල් ජයවර්ධනට පරිසර වේදීන්ගේ විවේචන…

ශ්‍රී ලංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන එක්සත් රාජධානියේ නව පරිසර ඇමතිවරයා ලෙස පත්වීම මේ රටේ බොහෝ දෙනා සතුටට පත්වුවත් එරට පරිසරවේදීන් මේ පත්වීම පිළිබඳව විමතියට සහ කනස්සල්ලට පත්ව සිටී.

නව පරිසර ලේකම් රනිල් ජයවර්ධන දේශගුණ අර්බුදයට මුහුණ දීමේ ප්‍රතිපත්තිවලට එරෙහිව “අඛණ්ඩව” ඡන්දය ප්‍රකාශ කොට ඇති මන්ත්‍රීවරයෙක් බව පරිසරවේදීන් පෙන්වාදෙති. ජයවර්ධන මහතා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා වලට සහයෝගය නොදෙන පිළිවෙතක පසුවෙන බවත් පරිසරවේදීන් පෙන්වා දෙති.

තමන් දැරූ ස්ථාවරය නොතකා, එක්සත් රාජධානියේ දේශගුණික විපර්යාස කිරීමේ පාලනය ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම තමා පිළිගන්නා බව ඔහු කලින් පවසා ඇති අතර, වැඩිදියුණු කළ ප්‍රතිචක්‍රීකරණය මෙන්ම 2020 දී ප්ලාස්ටික් පිදුරු තහනම් කිරීමේ රජයේ පියවරයන්ට සහාය දැක්වීම සඳහා ප්‍රචාරක කටයුතු කර ඇත.

ජයවර්ධන මහතාගේ ක්‍රියා පිළිවෙත වී ඇත්තේ කාලගුණික සහ දේශගුණික විපර්යාස පලනයකිරීම සඳහා වූ දැඩි ක්‍රියාමාර්ග වලට නොගොස් ව්‍යාපාරවලට බලපෑම් කළ හැකි පාරිසරික රෙගුලාසි සම්බන්ධයෙන් වඩා නම්‍යශීලී ලෙස කටයුතු කිරීමයි.

මේ නම්‍යශීලී බව දැඩි පාරිසරික පාලනයන් ඉල්ලා සිටින පරිසරවේදීන්ට දිරවන්නේ නැත.

Related Articles