රනිල් හදිසි  නීතිය  පැනවුයේ ඇයි ?

රනිල් හදිසි නීතිය පැනවුයේ ඇයි ?

අද සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයට පත්කළ හදිසි නීති තත්වය දින 14ක් තුළ පාර්ලිමේන්තුව විසින් සම්ම්මත කරගත යුතුව ඇත .

මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා සැපයීමටත්, මහජන සේවා සැපයීමටත් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කළ බවයි රජය පවසන්නේ.

හිටපු ජනාධිපති ගෝටාඨභය රාජපක්ෂ විසින් මීට පෙර හදිසි නීති තත්වය ප්‍රකාශයට පත් කලත් පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමු කිරීමට පෙර එය ඉවත් කර ගන්නා ලදී .

“රටේ නීතියේ ආධිපත්‍යය සහ සාමය ස්ථාපිත කිරීමට මම කඩිනම් පියවර ගන්නවා. සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය මම 100%ක් පිළිගන්නවා. නමුත් ඇතැමුන් කඩාකප්පල්කාරී ක්‍රියා කරන්න උත්සාහ කරනවා,” යැයි රනිල් වික්‍රමසිංහ පැවසීය .

හදිසි නීතිය පැනවීම තුලින් පොලීසියට සහ ආරක්ෂක අංශ වලට වැඩි බලතල ලැබෙන නමුත් රටේ ස්ථාවරත්වයට අභියෝග කරන ගැටළු වලට එයින් ප්‍රමාණවත් විසඳුමක් ලැබේද කියා ඇතැමුන් ප්‍රශ්න කරන කරන අතරවාරේ තවත් පිරිසක් පවසන්නේ රටේ නීතිය සහ සාමය පවත්වාගෙන යෑම අඩාල වුවහොත් ගැටළු තවත් උග්‍ර විය හැකි බවයි.

Related Articles