රැට්ටා ඇතුළු පිරිසට  මුදල්  ගලා ආ හැටි  විමර්ශනයට….

රැට්ටා ඇතුළු පිරිසට මුදල් ගලා ආ හැටි විමර්ශනයට….

අරගලයේ ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරීන් තිදෙනෙකු දේශීය බැංකු ගිණුම් තුනකට විදේශයන්හි සිට විශාල මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්ෂණ සිදුකරන බවයි.

රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා, ඩිලාන් සේනානායක සහ අවිශ්ක විරාජ් කෝනාර යන ක්‍රියාකාරීන් තිදෙනා පසුගිය සතියේ ලංකා බැංකුවේ යුනියන් පෙදෙසේ ශාඛාවේ නව ගිණුම් තුනක් විවෘත කර ඇති අතර මෙම ගිණුම් තුනට විදේශයන්හි සිට රුපියල් මිලියන 45ක් තැන්පත් කර ඇත.

වාර්තා වන අන්දමට පැය කිහිපයකට පසු බැංකුවට පැමිණි බව කියන ක්‍රියාකාරීන් විසින් සම්පූර්ණ මුදලම ලබාගෙන මුදල් ලබා ගැනීමට හේතුව විමසූ බැංකු නිලධාරීන්ට තර්ජනය කර ඇත.

“ජන අරගලයේ පුරවැසියෝ”

ජන අරගලයේ නිරත පිරිස් “ජන අරගලයේ පුරවැසියෝ” නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද (18) බාරදී ඇත.

ජන අරගලයේ පුරවැසියෝ පක්ෂයේ ලේකම් චානක බණ්ඩාර මහතා එහිදී පැවසුවේ ඇතැම් කල්ලි කණ්ඩායම් අරගලය අපයෝජනය කිරීමට උත්සහ දැරුවත් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් දිගටම පෙනී සිටින බවයි.

Related Articles