රාජපක්ෂ තක්සේරුව   තමන්ට  වැරදුන හැටි විමල් කියයි…..

රාජපක්ෂ තක්සේරුව තමන්ට වැරදුන හැටි විමල් කියයි…..

‘මහින්ද සුළඟ’ තුලින් රාජපක්ෂවරුන් දේශපාලන පෙරමුණට ගෙන ඒමට කටයුතු කළ විමල් වීරවංශ මහතා ප්‍රකාශ කලේ තම තක්සේරුව වැරදුන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හැටියට අපිට හම්බවුණේ. එක පැත්තකින් ඔහු පවුලේ මානසික බාධාවල සිරකරුවෙක්. අනිත් පැත්තෙන් ඔහුගේ බලාපොරොත්තුව තියෙනවා මේකෙන් විශ්‍රාම ගිය දවසට තමාගේ මුනුපුරන් දරුවන් සමග ඇමරිකාවේ ජීවත් වෙන්න අවස්ථාව උදාකරගන්න. එතුමාගෙ බිරිඳටත් ඇමරිකාවේ පුරවැසිභාවය තියෙන නිසා. ඒ නිසා ඇමරිකාව තරහා නොවී සිටිය යුතුයි කියන පදනමේ ඉඳලා තමයි ඔහු හැමදෙයක් දිහාම බැලුවෙ”
යැයි විමල් වීරවංශ මහතා පවසන්නේ බොහෝ කාලයක් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටීමෙන් අනතුරුවය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන පළපුරුද් දේ අඩුව ලණු ගිලීමට හේතුවක් බැවි ඔහු පවසන්නේ. ” පී.බී ජයසුන්දරලාගේ ගොඩක් ලණු ගිල්ලා. මහින්ද රාජපක්ෂ කෙරෙහි තිබූ තක්සේරුව හරි. හැබැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දිහා බලලා ඒ අනුව කළ තක්සේරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වලංගු වුණේ නැහැ.”

හිටපු ජනාධිපතිවරයා මානසිකව සිරකරුවෙක්ව සිටි බව විමල්ගේ අදහසයි. “පවුලෙන් එන බැඳීම්වල හිරකාරයෙක් වුණා. ” යැයි විමල් පවසයි. බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට එන්න පර කැපු විමල් වීරවංශ මහතාට දැන් ඒ ගැනත් විවේචනයක් ඇත.

” විසිවෙනි සංශෝධනයට ද්විත්ව රට වැසියාව ගෙන්වා ගන්න එතනම තිබ්බේ පවුල් ඕනකමනෙ. ආපු ගමන් කරපු පළමුවෙනි වැඩේ ඒකනෙ. ඒක කාගේ ඕනකමටද කළේ බැසිල්ගේ ඕනකමට. පටන් ගත්තෙම පවුලේ අවශ්‍යතාව දිහා බලලා. වැරදීමේ ආරම්භය එතන. හැටනව ලක්ෂයේ බලාපොරොත්තු බිඳ වැටීම ගැන කනගාටුවක් තියෙනවා. හැබැයි. මේගොල්ලො වපුරපු දේ අනුව අස්වැන්න නෙළා ගත්තා. ගෝඨාභය රාජපක්ෂට ඕනකමක් තිබුණෙ නැහැ සිය කැමැත්තෙන් පවුල්වාදී වෙන්න හැබැයි ඔහුට ධෛර්යයක් තිබුණෙ නැහැ පවුලෙන් එන පවුල්වාදි ප්‍රවණතාව මැඬ පවත්වාගන්න. ඔහු ඒකට යට වුණා.”
දැන් උත්තර සභාව හරහා රටේ ප්‍රශ්න වලට උත්තර හොයන්න යන විමල් වීරවංශ මහතා පවසන්නේ සිංහාසන වලට සඳහා රජුන් තැනු කාලය හමාර බවයි.

Related Articles