ඉන්ධන  බැරලකින්න්  ඩොලර් පනහක්   සුරා  කනවා – චම්පික රණවක….

ඉන්ධන බැරලකින්න් ඩොලර් පනහක් සුරා කනවා – චම්පික රණවක….

රටේ ඉන්ධන, විදුලිය හා මූල්‍ය අර්බුදයක් වැලක්වීම සඳහා පියවර නොගැනීම හේතුවෙන් අනාගතයේ ඉන්ධන ගෙන්වීම ස්ථාවර නැති බව චම්පික රණවක පවසයි.

මහ බැංකු අධිපති ගත් ඇතැම් තීන්දු තීරණ නිසා ක්ෂේත්‍ර කිහිපයක මූල්‍ය ස්ථාවරත්වය ඇති වී තිබෙන බව මන්ත්‍රීවරයා පවසයි.

” අර්බුදය පාදක කරගනිමින් ඉන්ධන ආනයන සමාගම් දෙකක් සෑම බැරලයකින්ම ඩොලර් විස්සක්වත් ගන්නවා. ඒ කියන්නේ ලීටරයකින් රුපියල් හතළිහක් ගන්නවා. එක සමාගමක් තෙල් ගෙන්වන්නේ රුසියාවෙන්. තෙල් බැරලයක් ඩොලර් එකසිය හතළිහක් ගෙවා තමයි අපි මිලදී ගන්නේ. නමුත් සත්‍ය මුදල ඩොලර් අනුවයි. ඩොලර් පනහක් විතර අපෙන් හූරා කනවා. මේ සියල්ල වෙන්නේ ප්‍රසම්පාදනයේ ප්‍රශ්නය නිසයි.” යයි ඇමතිවරයා පවසයි.

විදුලිබල ඉල්ලුම මේ වන විට 25%කින් පමණ කඩා වැටී ඇති හෙයින් නිෂ්පාදනය සමාගම් වැසී යෑමට ඉඩ තිබෙන බව මන්ත්‍රීවරයා පවසයි.

වර්තමාන අර්බුදයට ක්ෂණික විසඳුම වන්නේ ජන බලාගාර සෑදීමයි බවත් . ලක්ෂ පහක් පන වන විදුලි ඒකක 300ට වඩා භාවිත කරන පුද්ගලයින් හා ආයතන පුනර්ජනනීය විදුලි නිෂ්පාදනයට යොමු කිරීමෙන් ඉන්ධන ආනයනය තවත් අඩු කරගත යුතු බවත් චම්පික රණවීර පෙන්වා දෙයි.

Related Articles