රනිල්ගේ ගෙදර පොත් හා බුදුපිළිම  හොරාගත් අය බය වෙලා…

රනිල්ගේ ගෙදර පොත් හා බුදුපිළිම හොරාගත් අය බය වෙලා…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ගිනිතැබූ අවස්ථාවේදී බුදු පිළිම සහ ඉතා වටිනා පොත් රැසක් විනශ විය.

” මගේ එකම ධනය වූ පොත් දෙදහස් පන්සීයක් විනාශ වුනා යැයි ජතිය ඇමතු ජනාධිපතිවරයා” ප්‍රකාශ කළේය . මේ පොත් අතරේ ඉතා වටිනා සහ දුර්ලභ පොත් වූ බව ජනාධිපතවරයා ප්‍රකාශ කළේය.

මීට අමතරව වටිනා බුදු පිළිම සහ චිත්‍ර ද විනාශ වූ බව වික්‍රමසිංහ මහතා පැවසීය. ගිනි තැබීමට හවුල්වූ බව කියන කිඉප් එන් මේ වන විට අත්අඩංගුවට ගෙන් ඇති අතර සෙසු සැකකරුවන් පිළිබඳව පොලිස් විමර්ශන ආරම්භවී තිබේ.

ජුලි නමවෙනිදා නිවසට ගිනිතැබූ මොහොතේ දී නිවසින් පොත් තොගයක් හා බුදු පිළිමයක් සොරාගත් පුද්ගලයෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව තහවුරු නොවූ මාධ්‍ය වාර්තා මගින් දැනගැනීමට හැකිවී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පොදු දුරකතන අංකයකට ඇමතුමක් ලබා දී ඇති අදාල පුද්ගලයා පවසා තිබෙන්නේ පොත් තොගය හා බුදු පිළිමය යළි බාරදීමට සූදානම් බවයි හෙළිදරව් වී ඇත්තේ.

පොත් තොගය සහ බුදු පිළිමය ලඟ තබා ගැනීම සිතට බියක් ගෙන දෙන හෙයින් යළි බාරදීමට සූදානම් බවත් ජනාධිපති කාර්යාලයට කථා කල පුද්ගලයා පවසා ඇත්තේ.

Related Articles