උත්තර ලංකා සභාගය: ප්‍රශ්න  වලට උත්තර  හොයාවිද?

උත්තර ලංකා සභාගය: ප්‍රශ්න වලට උත්තර හොයාවිද?

ස්වාධීන පක්ෂ එකමුතුවේ “උත්තර ලංකා සභාගය” දැන් නිල වශයෙන් ජනගත වී තිබේ. වැඩපිළිවෙලේ සිටින්නේ හොදින් තෙම්පරාදු වූ පරණ සෙට් එකකි.

උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද පත්ව තිබේ.

උත්තර ලංකා සභාගයේ ජාතික සංවිධායක ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය, මහාචාර්ය තිස්ස විතාරණ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්වරයා ලෙස යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවි‍දු කුමාරතුංග යන මහත්වරුන් ද ප්‍රකාශයට පත්කෙරිණි.

ස්වාධීන පක්ෂ එකමුතුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි විධායක සභිකවරු ද පත්ව සිටින අතර ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ඒ අතර වෙති.

උත්තර ලංකා සභාගයේ අනුශාසක ධුරයට විජය ධරණී ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පත්ව සිටිති. මේ අය අතුරින් පාර්ලිමේන්තුවේ සිටි සියලු දෙනාම රාජපක්ෂ පත්‍රයට නොමදව දයක් වී විසිවෙනි ආණ්ඩු ක්‍රම සංසෝධනයට දායකවී දැන් පොහොට්ටුවේ ආධාරයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අඩු වැඩියෙන් සහයෝගය දෙන පිරිස්ය. මේ පිරිසට අළුතින් කීමට් ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව විමසිලිමත් විය යුතු බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.

Related Articles