ගෝඨාභය  වෙනුවෙන් අපිට  තීරණ ගන්න බැහ – නාමල්….

ගෝඨාභය වෙනුවෙන් අපිට තීරණ ගන්න බැහ – නාමල්….

මේ වන විට දැඩි ලෙස අභියෝගයට ලක්වී සිටින රාජපක්ෂවරුන් යලිත් දේශපාලනය තුල ස්ථාවර වීම පිළිබඳව විවිධ ක්‍රියාකාරකම් සිදුවෙනින් පවතී.

තමන් දේශපාලනය කරනවාද නැද්ද යන්න තීරණය කරන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා ඇති අතර ගෝඨාභය රාජපක්ෂ යලිත් දේශපාලනයට එක්වීම පිළිබඳව රාජපක්ෂවරුන් අතරේ මනාපයක් නැති බව මාධ්‍ය වාර්තා පලවී ඇත. රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක් වන උදයංග වීරතුංග දැඩි ලෙසෙ ගෝඨා අයියා විවේචනය කරමින් සිටි.

නාමල් රාජපක්ෂ පවසන්නේ දේශපාලනයට පිවිසීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මුලින්ම තීරණය කලයුතු බවයි.

“ඉදිරියේදී කුමක් කරන්නේද යන්න තීරණය කළ යුත්තේ හිටපු ජනාධිපතිවරයායි. දේශපාලනය කරනවද නැද්ද කියලා තීරණය කරන්න අපි ඔහුට ඉඩ දිය යුතුයි. අනිත් අය වෙනුවෙන් තීරණ ගන්න අපිට අයිතියක් නැහැ,” ඔහු පැවසීය.

හිටපු ජනාධිපතිවරයා තීරණයක් ගත් පසු පක්‍ෂයේ විධායක සභාවට දැනුම් දෙන බව නාමල් රාජපක්ෂ කියා සිටී. මේ අතර වාරයේ බැසිල් රාජපක්ෂ පොහොට්ටුවේ තරුණ නායකත්වය වෙනුවෙන් දේශපාලන පාසලක් ආරම්භ කොට ඇත.

Related Articles