චීනය  ශ්‍රී ලංකා ණය අර්බුදය රිවස් වෙයිද ?

චීනය ශ්‍රී ලංකා ණය අර්බුදය රිවස් වෙයිද ?

ශ්‍රී ලංකා වේ නය අර්බුදය පිළිබඳව චීනය මීට පෙර පැවසුවේ මේ ගැටලුව ණය ගත් බැංකු සමඟ විසඳා ගත යුතු බවයි. අනෙක් අතට චීනය ශ්‍රී ලංකා ණය අර්බුදය පිළිබඳව සියලු ණය හිමියන් එක ස්ථාවරයකට පැමිණිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ප්‍රකාශයක් කිරීමට සිදුවිය.

චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල්වල දුෂිත පා ලකයින් සමඟ එක්ව ගිණි පොලියට ණයදී රටවල් අමරුවේ දමන පොලී කාක්කෙක් බවට බටහිර රටවල් වෙතින් චෝදනා එල්ල විය.

වත්මන් දුෂ්කරතාවන්ට සහ ණය බර ලිහිල් කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරයට සහය දැක්වීම සඳහා අඛණ්ඩව ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලී ජෑන් Zhao Lijian පවසයි.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනය දැඩි අවධානයක් යොමු කර ඇති බවත් ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ධනයට උපරිමයෙන් සහාය ලබා දී ඇති බවත් ලිජියන් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

“ශ‍්‍රී ලංකාව සමග සාකච් කර අදාළ මූල්‍ය ආයතනවලට ප‍්‍රත්‍යක්ෂ විසඳුම් සෙවීම සඳහා චීනය අඛණ්ඩව සහාය දක්වන බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කරන ලෙස චීනය ඇතුළු ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබාදුන් සියලුම රටවල්වලින් ඉල්ලා සිටි ජපාන මුදල් අමාත්‍ය ශුන්ෂි සුසුකි විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ වන විට ණය හිමියන්ගේ රැස්වීම මෙහෙය වීමට ජපානය පෙරමුණ ගෙන ඇති අතර ශ්‍රී ලංකාවට ණය ලබාදීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට මුලික මට්ටමේ කාර්ය මණ්ඩල එකඟතාවක් ඇතිකර ගැනීමට හැකිවී තිබේ.

මේ සිදුවීම් දාමයත් සමඟ චීනයට අවශ්‍ය ලෙසින් ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සම්බන්ධයෙන් කටයුතු කල නොහැකි බව චීනය තේරුම් ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.

Related Articles