ලෝකයේ පිරිසුදුතම වායු ගෝලය සහිත නගරයේ  වයිෆයි තහනම් කොට ඇත්තේ ඇයි ?

ලෝකයේ පිරිසුදුතම වායු ගෝලය සහිත නගරයේ වයිෆයි තහනම් කොට ඇත්තේ ඇයි ?

ආක්ටික් සාගරයේ නෝර්වීජියානු දූපත් සමූහය අතරේ පිහිටි නී-ඕල්සන් නගරය, දැඩි ශීත කාලයේ දී වැසියන් 45 දෙනෙකුගෙන් ද, ගිම්හානයේ උණුසුම්ම අවධියේ දී වැසියන් 150 දෙනෙකුගෙන් ද සමන්විත වන කුඩා ජනාවාසයකි මේ නගරය.

නගරයේ පදිංචිකරුවන්ගෙන් බොහෝදෙනෙකු පර්යේෂණ පැවැත්වීමට පැමිණි විද්‍යාඥයන්ය .දේශගුණික විපර්යාසවලට තුඩුදෙන හරිතාගාර වායු මට්ටම් මැනීම ඔවුන් වැඩිදෙනාගේ කාර්යයි .දැන් යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ සිට එන සුළං දහරා මේ පරිසරය දුෂණය කරන නමුත් මෙය තවමත් ලෝකයේ පිරිසුදුතම වායුගෝලය සහිත නගරයයි .

නී-ඕල්සන්, ලෝකයේ උතුරුදිග කෙළවරේ ඈතින්ම පිහිටි සිවිල් ජනාවාසයයි.

2011 දී සිදුවූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාර අනතුරෙන් දින දහයකට පසු, බලාගාරයේ විඛණ්ඩන ප්‍රතික්‍රියකය මඟින් නිපදවූ ‘රේඩියෝනියුක්ලයිඩ’ නම් විකිරණශීලී අණු නී-ඕල්සන් වායුගෝලයේ දී නිරීක්ෂණය විය. මෙම විකිරණශීලී අංශු දින කිහිපයක් තුළ වායුගෝලය හරහා සැතපුම් දහස් ගණනක් ගමන්කර ඇති බව එයින් අනාවරණය විය. ලෝකයේ පිරිසිදුතම නගරය කර අපිරිසිදුකම පැමිණෙන ඉක්මන මේ මගින් තේරුම් ගත හැකිය.

ලෝකයේ වෙනත් ප්‍රදේශවල පාරිසරික දූෂකයන් ආක්ටික් කලාපයේ මෙම කෙළවරෙහි වායුව දූෂණය කරන්නට ඉඳහිට පැමිණියත්, එය තවමත් පවතින්නේ මිනිසුන් විසින් වායුගෝලයට මුදාහැරෙන දරුණුම දූෂණයන්ගෙන් බොහෝ දුරස්ව ය.

නී-ඕල්සන් හිදී සියලුම ජංගම දුරකථන සහ වයිෆයි උපාංග මෙහිදී අක්‍රිය කළ යුතු වේ. ප්‍රදේශයේ ගුවන්විදුලි තරංග හැකිතාක් නිශ්ශබ්දව තබාගැනීමට උත්සාහ දරන හෙයින් මෙම නගරය ගුවන්විදුලි සම්ප්‍රේෂණයන්ගෙන් තොර කලාපයකි. ගුවන් විදුලි සම්ප්‍රේෂණ භාවිතා කරන ඕනෑම උපකරණයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම්, පර්යේෂකයන් ඒ සඳහා විශේෂ අවසරයක් ලබාගත යුතු ය

මෙම කුඩා ජනාවාසය හරහා හිම වලසුන් නිතර එහා මෙහා ගමන් කරති.නගරවාසීන් හිම වලසුන්ට ගැලපෙන ලෙසින් අනුවර්තනය වී සිටිති. කිසිදු ගොඩනැගිල්ලක දොරවල් අගුළු දැමිම තහනම්ය ඒ හිම වලසෙක් පැමිණියහොත් පලා යෑමේ අවස්ථාවක් තිබිය යුතු හෙයිනි.

Related Articles