ඉන්දියාවේ  පිරිමින්ට වඩා  ගැහැනුන්ට  විවාහයෙන් පිට ලිංගික සබඳතා….

ඉන්දියාවේ පිරිමින්ට වඩා ගැහැනුන්ට විවාහයෙන් පිට ලිංගික සබඳතා….

ඉන්දියානු ආණ්ඩුව ප්‍රාන්ත විසි අටක් අවරණය කරමින් කළ සමීක්ෂණයකට අනුව රාජස්තාන් ප්‍රාන්තයේ කාන්තාවන්ට විවාහයෙන් පිට ලිංගික සබඳතා තුනක් පමණ තිබු අතර පිරිමින්ට එවැනි සබඳතා දෙකක පමණ සාමාන්‍ය අගයක් විය.

හර්යානා, චන්දිගාර්, ජම්මු සහ කාශ්මීර්, ලඩාක්, මධ්‍ය ප්‍රදේශ්, ඇසෑම්, කේරල, ලක්ෂද්වීප්, පුදුචේරි සහ තමිල්නාඩු යන ප්‍රාන්ත වලත් මීට
සමාන ප්‍රවනතාවක් තිබෙන බව හෙළිදරව් විය. පිරිමින් සහ කාන්තාවන් තම සහකරුට වංචා කිරීමට දක්වන හේතු එකිනෙකට වෙනස්ය. පිරිමින් වැඩි ලිංගික සතුටක් සඳහා විවාහයෙන් පිට ලිංගික සබඳතා පවත්වන් අතර කාන්තාවන් විවාහය තුල ආදරය නොමැතිවීම සහ ශාරීරික අතෘප්තිය හේතුවෙන් බාහිර සබඳතා කරා යොමුවෙති.

පිරිමින්ගේ බීමත් කමද කාන්තාවන් බාහිර සබඳතා කෙරේ යොමු කරවන හේතුවකි.

මෙම ජාතික පවුල් සෞඛ්‍ය සමීක්ෂණ සංඛ්‍යාලේඛන අනුව ඉන්දියානු එකොළහක කාන්තාවන්ට පිරිමින්ට වඩා ලිංගික සහකරුවන් සිටින බව සොයා ගන්නා ලදී. කෙසේ වෙතත් ජීවිත කාලය පුරාම එක් ප්‍රාථමික සහකරුවෙකු සමඟ රැඳී සිටින කාන්තාවන්ගේ සංඛ්‍යාව පිරිමින්ට වඩා වැඩිය.

ඉන්දියාවේ වයස අවුරුදු 15-49 අතර පිරිමින්ගෙන් 2% ක් සමීක්ෂණයට පෙර මාස 12 තුළ ලිංගික සංසර්ගය සඳහා මුදල් ගෙවා ඇති බව ද සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

Related Articles