පොහොර  වංචාවේ  හවුල්  කාරයින් හෙළිදරව්වේ……

පොහොර වංචාවේ හවුල් කාරයින් හෙළිදරව්වේ……

ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක (රුපියල් බිලියන 1.38ක) දැවැන්ත පොහොර වංචාවට වගකිව යුත්තන් ජාතික විගණන කාර්යාලය විසින් හෙළිදරව් කර ඇත.

ලබා නොදුන් පොහොර තොගයක් සඳහා මෙම ගෙවීම සිදුකර ඇත. චීන සමාගමක් වන Qingdao Seawin Biotech Group Co. Ltd කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් ගොඩබෑමට උත්සාහකල අතර පොහොර තොගය ආපසු හරවා නමුත් ගෙවීම් සිදු කොට ඇත. විගණන වාර්තාවේ මෙසේ සඳහන් විය.

සැපයුම්කරුට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගෙන, ජීවානුහරණය නොකළ පොහොර තොගයක් ඇතුළු කිරීමට උත්සාහ කිරීම සඳහා වන්දි ලබා ගන්නා ලෙස නිදේශ කොට ඇත.

මිත්‍රශීලී වරදක්….

මීට පෙර කෘෂිකර්ම අමාත්‍ය ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ චීනය මිත්‍ර රාජ්‍යයක් බැවින් නිසි ප්‍රමිතියට පොහොර ලැබීමට පෙර චීන සමාගමට මුදල් ගෙවීම වරදක් නොවන බවයි.

ප්‍රසම්පාදනකරු නිසි ලෙස ඇගයීමට ලක් කර නොමැති අතර තාක්ෂණික කමිටු සභාපතිවරයා අත්තනෝමතික ලෙස ක්‍රියා කර අනෙක් සාමාජිකයින්ගේ නිසි අදහස් විමසීමකින් තොරව තනිවම ප්‍රසම්පාදනය අනුමත කර ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

මෙම විගණනයේ ප්‍රතිඵලයක් ලෙස,බොහෝ නිලධාරීන්, දේශපාලනඥයන් අමාරුවේ වැටිය හැකි නමුත් මේ වන විට තමන් නොකළ මේ වරදට වැඩිපුරම වන්දි ගෙවන්නේ ගොවි ජනතාවයි.

Related Articles