ගෝඨාභය සැනසිල්ලෙන් -ඇමරිකාවට  යෑමට  බලාපොරොත්තුවෙන්….

ගෝඨාභය සැනසිල්ලෙන් -ඇමරිකාවට යෑමට බලාපොරොත්තුවෙන්….

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ හතේ පිහිටි රජයේ නිවසක පදිංචියට ගොස් ඇති අතර ඔහු සහ බිරිඳ අමුත්තන් පිළිගනිමින් සිටිති.

ඔහුගේ නව නිවස පිහිටා ඇත්තේ රටේ පාලක ප්‍රභූන්ගේ නේවාසික මධ්‍යස්ථානයක් වන මලලසේකර මාවත ප්‍රදේශයේය.

පැමිණි අමුත්තන් අතර සොයුරු මහින්ද රාජපක්ෂ ද විය. ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට නැවත එක්වීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවූලේ දැඩි විරෝධයක් පවතින බව වාර්තාවේ. ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලඥයෙකු නොවන බව මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර පවසා තිබින.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් යානයෙන් එළියට එන විට පිළිගැනීමට එක්වූ ප්‍රසන්න රණතුංග, මධුර විතානගේ , මහින්දානන්ද ගමගේ අදින් ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයේ නිරතවීම වඩා ප්‍රිය කරන අතර පලා යෑමෙන් ඇතිවූ පසුබෑම මගහරවා ගැනීමට කල්පනා කරනවා විය හැකි බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ. ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා අරඹේපොළ පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට තම අසුන පරිත්‍යාග කිරීමට සුදානම් බවයි.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතාට ‘තායිලන්ත හෝටලයේ ගත කිරීමට සිදුවී ඇත්තේ සිරකරුවෙකු ගේ ජීවිතයකි’. ආරක්ෂක හේතුන් නිසා හෝටලයෙන් පිටතට නොයන ලෙස ඔහුට දන්වා තිබින. නිලධාරියෙක් පවසා තිබුනේ මේ තත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට දැඩි උනන්දුවක් දැක්වූ බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව සැපයීම සඳහා හමුදාවේ සහ පොලිස් කමාන්ඩෝ භටයන්ගෙන් සමන්විත නව ඒකකයක් පිහිටුවා තිබෙන බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කොට තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය යලිත් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීම සඳහා ඇමරිකානු නීතිඥය සමාගමක සහය පතන බව පවූලේ අයෙක් පැවසූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට තිබින.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා සැහැල්ලුවෙන් සිටින බවයි අල්ජසීරා කොළඹ වාර්තාකරු මිනෙල් ෆර්නැන්ඩස් ප්‍රකාශ කළේ.

Related Articles