වෛද්‍ය, හෙද, ඉංජිනේරු  විශ්‍රාම වයස හැට  තුනයි….

වෛද්‍ය, හෙද, ඉංජිනේරු විශ්‍රාම වයස හැට තුනයි….

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය හරහා රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස් සීමාව 60 දක්වා අඩු කිරීමට යෝජනා කිරීම හේතුවන් දෙසැම්බර් 31 වැනිදා වනවිට වයස 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවකයන්ට 20,000 පමණ විශ්‍රාම යාමට සිදුවනු ඇත.

කෙසේ වෙතත් මේ තීරණය නිසා අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීමට තිබෙන අවදානම හේතුවෙන් වෛද්‍ය, හෙද, ඉංජිනේරු ඇතුළු වෘත්තීන් කිහිපයකට අයත් රාජ්‍ය සේවකයන්ට අත්‍යවශ්‍ය සේවා පදනම යටතේ අවුරුදු 63 දක්වා රාජ්‍ය සේවයේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන බව රාජ්‍ය පරිපාලන, අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා පවසයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසන්නේ. ඊට අදාල චක්‍රලේඛය ඉදිරි සති දෙක තුළ නිකුත් කරන බවයි. ආණ්ඩුව හදිසියේ ගත මේ තීරණය හේතුවෙන් බොහෝ රාජ්‍ය සේවකයින්ගේ ජීවිත අවුල්වීමට ඉඩ ඇත. රාජ්‍ය සේවා කප්පාදුව රටේ විවිධ ක්ෂේත්‍ර වලට කරන බලපෑම පිළිබඳව නිසි තක්සේරුවකින් තොරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පෙලඹවීම මත මේ තීරණය ගෙන ඇති බව සේවක සංගම් පෙන්වා දෙති.

Related Articles