සිංහල  සිනමාවේ  ඩොනල්ඩ්  කරුණාරත්න ලකුණ

සිංහල සිනමාවේ ඩොනල්ඩ් කරුණාරත්න ලකුණ

දිවි  ගමන  හමාර  කළ ඩොනල්ඩ් කරුණාරත්න අපෙන් නික්ම යන්නේ  ඔහුගේ  කැන්වසය  වූ සිනමාව  මත දැවැන්ත ලකුණක් තබමිනි .

ඒ ලකුණේ  කැපී පෙනෙන  පදාසයක්  පිළබඳව චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකරයන් ඔහුගේ ‘දඩයම’ චිත්‍රපටය සඳහා කැමරාව මෙහෙය වූ  ආකාරය  පිළබඳව අපුරු  සටහනක් තැබුවේය : “කැමරාව අතට ගත් විගස ඔහුට අමුතු ජවයක් ලැබෙනවා. මගේ ‘දඩයම’ චිත්‍රපටයේ එක් ජවනිකාවක් තිබුණා. එහි රත්මලී (ස්වර්ණා මල්ලවාරච්චි) තමා යට කරන්නට රිය පදවා ගෙන එන ජයනාත් (රවීන්ද්‍ර රන්දෙණිය) ගේ රිය ඉදිරියේ සිට මුගුරකින් පහර දීම රූගත කළ අයුරු විශිෂ්ටයි. ඒ අවස්ථාවේ රිය තුළ හිඳිමින්, රත්මලී වියරුවෙන් කළ පහරදීමෙන් කැඩී විසිවුණු වීදුරු කැබලිවලට මුහුණ දුන්නේ කැමරාව අතින් ගත් ඩොනල්ඩ් කරුණාරත්නයි. ඉතාමත් ආවේගශීලී දර්ශනයක් මතු වූ ඒ අවස්ථාවේ රිද්මය නොබිඳ ඔහු රූගත කළේ නරඹන්නාට ඒ ත්‍රාසය ඒ අයුරින් ම විඳ ගැනීමට සලස්වමිනි. මා ඔහුගෙන් අපේක්ෂා කළ ආකාරයට වඩා යමක් මට ලබා දීමට ඔහු ඒ මොහොතේ කැප වුණා. අවම පහසුකම් යටතේ කළ ඒ රූගත කිරීම හැම පහසුකමක්ම ඇතිව කරන බටහිර චිත්‍රපටයකට වඩා විශිෂ්ට එකක් වුනා ”

ධර්මසේන පතිරාජගේ විකල්ප සිනමා ධාරාවට උචිත සිනමා ඡායාරූපමය අනන්‍යතාවක් ගෙන ඒමට සමත් වූ බව  ව්චරක් අතුල සමරකෝන් පවසයි යි. පති ,වසන්ත, ලෙස්ටර්  අදින් ගේ   සම්භාව්‍ය සිනමා රීතියත්  ජනප්‍රිය සිනමාවත්  ඩොනල්ඩ් ස්පර්ශ කළේ  ඔහුට් අවේනික වූ ලකුණක් තබමිනි

තිස්ස ලියනසූරිය ගේ සාරවිට චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ. රත්නායකගේ සහය කැමරා ශිල්පියා  සිනමාවට  එක්වූ ඩොනල්ඩ්  සුමිත්ත කැමරාව මෙහෙය වූ ‘බඩුත් එක්ක හොරු’ සහ ‘පරසතුමල්’ චිත්‍රපටවල ඩොනල්ඩ් සහය කැමරා ශිල්පියා ලෙස ශිල්ප ප්‍රගුන් කළේය

‘හන්තානේ කතාව’ ට සුමිත්තගේ  සහය කැමරා ශිල්පියා සම්බන්ධ වන  ඩොනල්ඩ් කරුණාරත්නට එම දර්ශන  තලයේදී මුණ ගැසෙන  ධර්මසේන පතිරාජ  සමඟ  ගොඩ නැගෙන්නේ  ඒකාත්මික  වූ සම්බන්ධයකි

අතුල සමරකෝන් ට අනුව පතිරාජගේ සිනමාවේ ප්‍රධාන දෘෂ්‍ය ප්‍රකාශකයා වන්නේ ඩොනල්ඩ්ය. ඔහුගේ චිත්‍රපට දෙකක් හැරුණු විට ‘සතුරෝ’ සිට ‘ස්වරූප’ දක්වා මෙම සම්බන්ධය දිවයයි.

ඔහු චිත්‍ර පටි හැටපහකට පමන     කැමරා  අධ්‍යක්ෂනය කළේය . දකින  දසුන  මෙන් ම ඊට  ඔබ්බේන්වූ පරිකල්පනය  ග්‍රහනය  කර ගැනීමටද  ඔහු සමත් විය

Related Articles