වත්තේ  දාහ දෙන්නම වෙයි….

වත්තේ දාහ දෙන්නම වෙයි….

වතු කම්කරුවකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බව අධිකරණය විසින් තහවුරු කොට ඇත.

කම්කරු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා වතු සමාගම් විස්සක් විසින් රිට් පෙත්සමක් අභියාචනාධිකරණයේ ගොනු කොට තිබින. මේ පෙත්සම අභියාචනාධිකරණ විසින් නිෂ්ප්‍රභ කර ඇති බව වාර්තාවේ.

2021 වසරේ මාර්තු 9 වැනිදා වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් දහසක් බවට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණු අතර එය මැතිවරණ පොරොන්දුවක්ද විය.

රුපියල් දහසේ අවම වැටුප ගෙවීම තම වතුවල පැවැත්ම අර්බුදයට ලක් කරන බවයි ආගරපතන වැවිලි සමාගම ඇතුළු වතු සමාගම් 20 ක් පෙන්වා දුන්නේ. එම පෙත්සම සළකා බැලූ අභියාචනාධිකරණය අගෝස්තු 09 වැනි අගහරුවාදා එය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබේ.

මේ වන විට ජීවන වියදම තවත් වැඩිවී ඇති හෙයින් වතු වෘත්තීය සමිති සහ කම්කරු අමාත්‍යවරයා අතර යළිත් සාකච්ඡා සිදු කොට අවම වැටුප තුන්දහස දක්වා වැඩිකර ගැනීමේ උත්සහයක් දියත්වී ඇත.

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසන්නේ වතු කම්කරුවෙකු දෛනිකව නෙලන තේ දළු කිලෝ ප්‍රමාණය අනුව ගෙවීම් නතර කළ යුතු බවයි.

Related Articles