විසි දෙකට සහය ලබා නොදීම වගකීම්  පැහැර  හැරීමක් -කරු ජයසූරිය….

විසි දෙකට සහය ලබා නොදීම වගකීම් පැහැර හැරීමක් -කරු ජයසූරිය….

රටේ අනාගත යහපත උදෙසා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම අත්‍යවශ්‍යය වන අතර ඊට සහය ලබා නොදීම ජාතික යුතුකමක් සහ වගකීමක් පැහැර හැරීමක් වන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ යහ පැවැත්ම සහ ජනතාවගේ යහපත් අභිලාශයන් මුදුන්පත් කර ගැනීම උදෙසා මේ වන විට ඒක පුද්ගල අධිකාරීත්වයකට ඉඩ ලබා දී ඇති 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම අත්‍යවශ්‍යවෙන්ම කළ යුතු බව කරු ජයසුරිය පෙන්වා දෙයි

ඒක පුද්ගල බල අධිකාරියක් ස්ථාපිත කර ඇති 20 වැනි සංශෝධනය බල රහිත කළ යුතුව ඇති බවයි හිටපු කතානායක වරයා පෙන්වා දෙන්නේ.

Related Articles