ගල්  අඟුරු ටෙන්ඩරය  දුන්නේ  නුසුදුසු  සමාගමකට -ජාතික විගණන කාර් යාලය….

ගල් අඟුරු ටෙන්ඩරය දුන්නේ නුසුදුසු සමාගමකට -ජාතික විගණන කාර් යාලය….

ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන අන්දමට නොරොච්චෝලේ ලක්විජය ගල් අගුරුබලාගාරය සඳහා ගල් අඟුරු සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචි නොවු සමාගමක් වන black sand commodities සමාගම වෙත ගල් අගුරු සැපයිමේ ටෙන්ඩරය ලබා දී ඇත. ටෙන්ඩරය දින 35 වැනි කෙටිකාලයක් තුළ ලබා දී ඇත්තේ කිසිදු සුදුසුකමක් පරික්ෂාවට ලක් නොකරමිනි.

සුදුසුකම් නොසලකා black sand commodities සමාගම විසින් ඉදිරිපත් කළ ලංසුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් පිළිගෙන ඇත . විගණනය මගින් පෙන්වා දී ඇත.

එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ සංස්ථාපිත සමාගම පසුව තමන්ට නඩු හබ වලට මැදිහත්වීමට අවශ්‍යතාවක් නැති බව පවසමින් ටෙන්ඩරයෙන් ඉවත් විය. ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොකළ නිලධාරින්ට එරෙහිව පියවර ගැනීමට පාර් ලිමේන්තු මුදල් කාරක සභාව තීරණය කොට ඇත.

මේ පිළිබඳව නිලධාරීන් කියන දේ ද සැලලකිල්ලට ගතයුතු බව ඔවුන් වෙනුවෙන් කතා කල බලා ශක්ති ඇමති කාංචන විජේසේකර පැවසීය.

Related Articles